ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට ජනතාව විසින් සිදුකරන බලපෑම් අඛණ්ඩව පැවතියහොත් බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඔහු පවසන්නේ ඉන්ධන බෙදාහැරීමේ බවුසර් රථ ඇනවුමට අදාළ නොවන ඉන්ධන පිරවුම්හල් වෙත ගොඩබාන ලෙස ජනතාව විසින් බලපෑම් සිදුකරන බවයි.
එවැනි ස්ථානවලදී ගොඩබෑම සිදු නොකරන්නේ නම් බවුසර් රථ සඳහා ගිනිතබන බවට ද ජනතාව විසින් තර්ජනය කිරිමේ සිදුවීම් වාර්තා වන බව කංචන විජේසේකර අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
මෙම තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවල ආරක්ෂාව සඳහා ඉන්ධන බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බව කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.