රුපියල් මිලියන එක්ලක්ෂ 45,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 20 වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මහ බැංකුව නිවේදනය කළේ, දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000 ක් වටිනා බිල්පත් මෙහිදී වෙන්දේසි කරන බවයි.
එමෙන්ම, දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 30,000 ක භාණ්ඩාගාර බිල්පත්ද මෙහිදී වෙන්දේසි කරනු ලබනවා.