24.7 C
Colombo
Monday, November 25, 2024

ට්‍රම්ප් ඝාතන සැලසුමට සහ ආරුගම්බේ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ගැන ඉරානයෙන් උත්තර

- Advertisement -

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ කුමන්ත්‍රණයට මෙන්ම මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු වන ෆර්හාඩ් ෂකේරි නැමැත්තා සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

සිය “x” ගිණුමේ සටහනක් තබමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි මේ බව සඳහන් කර තිබුණා.

ඒ අනුව,  ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහයට ඉරානය සම්බන්ධ බවට එල්ල වන චෝදනා එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ප්‍රතිවිරුද්ධ මතදාරී රටවල් දෙක අතර විශ්වාසය ගොඩනැඟීමට කටයුතු කරන ලෙසයි.

 වර්තමානයේ නව ජවනිකාවක් නිර්මාණය කරමින් තුන් වන මට්ටමේ ප්‍රහසනයක් නිෂ්පාදනය කිරීම සඳහා ඇතැම් පාර්ශව උත්සහ දරමින් සිටින බව ඔහු සඳහන් කර තිබෙනවා.

අමෙරිකානු ජනතාව ඔවුන්ගේ තීරණය ගෙන ඇති බව සඳහන් කරන ඉරාන විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට පවතින අයිතියට ගරුකරන බවද සඳහන් කරනවා .

ඉරානය පසු වන්නේ න්‍යෂ්ටික අවි පසුපස ගමන් කරන කාල පරිච්ඡේදයක නොවන බව ඉරාන විදේශ අමාත්‍යවරයා සිය X සටහන මඟින් අවධාරණය කර තිබෙනවා.

විශ්වාසය ගොඩනැංවීම දෙපාර්ශ්වයේම අත්‍යවශ්‍ය කරුණක් බවත් එය තනි මාවතක් නොවන බව ද ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා ප්‍රකාශ කළේ ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ සාමාජිකයෙකු වන ෆර්හාඩ් ෂකේරි විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවයි. .

එමෙන්ම ඔහු මෙරට ඊශ්‍රායල වැසියන් ඉලක්ක කර ගනිමින් ආරුගම්බේ ප්‍රහාරය සැලසුම් කර ඇති බව ද අමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ශකේරි  2019 වසරේ දී මහා පරිමාණ හෙරොයින් ජවාරමකට අදාළ ව මෙරට දී අත්අඩංගුවට ගෙන ඇති අතර  ඔහු මේ වන විට ඉරානයේ රැඳී සිටින බවට විශ්වාසකරන බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු

නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා  අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙණෙවිය...

නිධන් හොයන්න ගිය 5ක් අත්අඩංගුවට

වනාතවිල්ලුව - රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් 5 දෙනෙකු වනාතවිල්ලුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන...

Breaking: සුජීවගේ වාහනේ නිදහස් කරන්න උසාවි නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ මහතාගේ V8 රථය නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි...

POPULAR ARTICLES