26.9 C
Colombo
Friday, March 14, 2025

මෛත්‍රීගේ ප්‍රකාශයට අගරදගුරු පදවියෙන් පිළිතුරු

- Advertisement -

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් විවිධ පාර්ශ්වවලින් කාදිනල් හිමියන්ට ලැබුණු ආධාර මුදලින් රුපියල් මිලියන 500ක් පමණ මුදලක් මේ වනවිට වින්දිතයින් වෙනුවෙන් වියදම් කර ඇති බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.

“මෛත්‍රීපාල සිරිසේන මහතා අද වනවිට දේශපාලන අතින් ඉතාමත් බංකොළොත්භාවයකට පත්වුණු පුද්ගලයෙක්. එතුමාගේ බංකොළොත්භාවය වහ ගැනීමට මෙවැනි බොරු ප්‍රචාර මාධ්‍ය ඉදිරියේ කියන්නේ. ඇත්තටම කාදිනල් හිමිට ලැබුණු මුදලින් මිලියන 500කට වැඩි මුදලක් මේ වනවිටත් වින්දිතයින් වෙනුවෙන් කොළඹ කතෝලික සභාවේ අගරදගුරු හිමිපාණන් යටතේ තියෙන සහන සේවා ආයතනයක් වන සෙත්සරණ ආයතනය විසින් වියදම් කරලා තියෙනවා. ක්‍රිස්තුන් වහන්සේ ඉගැන්වීමක් තියෙනවා දකුණු අතින් දෙන දේ වමතට නොදැනෙන් දෙන්න ඕනේ කියලා. ඒ නිසා තමයි කතෝලික සභාවෙන් කරන දේවල් මාධ්‍ය හමුවේ ප්‍රචාරය නොකර බොහෝම රහසිගතව සිදුකරන්නේ.


RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...