අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසින් අද (24) සංවිධානය කර තිබූ පාගමන මේ වන විට කොළඹ – විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණෙමින් තිබෙනවා.
මෙම විරෝධතාවය කොළඹ ගාලු මුවදොර අභියසට පැමිණේ යැයි සඳහන් කරමින් පොලීසිය තහනම් නියෝගයක්ද ගෙන තිබුණා.
එහිදී බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙමින් පොලීසිය සඳහන් කර ඇත්තේ ගාලු මුවදොරට පැමිණෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවය හේතුවෙන් කොටුව පොලිස් වසමේ රාජ්‍ය ආයතනවලට හා පොදු දේපලවලට හානි සිදුවිය හැකි බවයි.
මේ හේතුවෙන් ස්ථීර මාර්ග බාධක යොදා මාර්ග රැසක ගමනාගමන කටයුතු නවතා දැමීමට පොලීසිය කටයුතු කළා.
කෙසේවෙතත් අදාළ විරෝධතාවය ගාලු මුවදොර දෙසට නොපැමිණි අතර එය මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිවස දෙසට ගමන් කරමින් තිබෙනවා.