29 C
Colombo
Saturday, October 26, 2024

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

- Advertisement -

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට Daily Mirror පුවත්පත පළකොට තිබූ වාර්තාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය ලිපියක් නිකුත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා විසින් යොමු  කර ඇති එම ලිපිය මඟින් අවධාරණය කර ඇත්තේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් ඇති බවට පළ වූ ලිපියේ දැක්වෙන කරුණු සවාද්‍ය, පදනම් විරහිත මෙන්ම ජනතාව නොමඟ යවන සුළු ස්වභාවයෙන් යුක්ත බවයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර කිසිදු ගැටුමක් හෝ මතභේදයක් ඇති වී නොමැති බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කිරීම අග්‍රාමාත්‍යවරියගේ පූර්ණ උපදෙස් හා එකඟත්වය මත සිදු කළ බවත් එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.

එමෙන්ම, මෙවැනි නොමග යවන සුළු තොරතුරු ප්‍රචාරය කිරීම බරපතළ ගැටලුවක් වන අතර මෙම දෝෂය නිවැරදි කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග අපේක්ෂා කරන බව අදාළ ලිපියෙන් Daily Mirror වෙත දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යළි ඇරඹෙයි

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යලි අරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ලබන සඳුදා (28) සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර "යාල්දේවී" දුම්රිය සහ...

කොට්ටාවේදී වෑන් රථයක් ගිනි අරන්

කොට්ටාව - මහරගම පරණ පාරේ කොට්ටාව ආසන්නයේදී අද (26) වෑන් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. අදාළ වෑන් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා මෙම ගිනි...

ඇල්පිටියේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු අද (26) පස්වරු 4.00ට අවසන් කෙරුණා. ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා සඳහන් කළේ, අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

UGC සභාපති පත්කිරීම ගැන අනුර හරිනි මත ගැටුමක?

Update: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති...