28 C
Colombo
Tuesday, January 14, 2025

අනුර චීනය බලා පිටත්ව යයි

- Advertisement -

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා අද (13) රාත්‍රියේදී පිටත්ව ගියා.

චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන 17වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වෙනවා.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං (Xi Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ව්‍යං (Li Qiang) ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමුවීමට නියමිතයි.

එසේම, මෙම චීන සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටු දැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහභාගි වීමට නියමිත අතර ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට එක්වීමට ද සැලසුම් කර තිබෙනවා.

මෙම සංචාරය අතරතුර දෙරට අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද කටයුතු යොදා ඇති බව සඳහන්.

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිදු කරන දෙවන විදෙස් රාජ්‍ය සංචාරය මෙය වීම ද විශේෂත්වයකි. එබැවින් මෙම සංචාරය දෙරට අතර දිගු කාලින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් ලෙස සැලකෙන අතර, එමඟින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව වැඩි දියුණු කිරීමට ද බලාපොරොත්තු වෙන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු හෙට...

ළිඳට වැටී කුඩා දැරියක් මරුට

එරාවූර් පොලිස් වසමේ මක්කාමඩි පාර, එරාවූර් ප්‍රදේශයේ දී කුඩා දැරියක් ළිඳකට වැටී මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, මක්කාමඩි පාර, එරාවූර් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු...

ඉතාලි ජාතික සංචාරකයෙක්ගෙන් පැමිණිල්ලක්

කල්පිටිය - සේතාවාඩිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගැනීම සදහා මෙරටට පැමිණි ඉතාලි සංචාරකයෙකු, කාමරයක් මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමෙන් අනතුරුව එහි පැමිණ අදාළ හෝටලය...

POPULAR ARTICLES