30 C
Colombo
Thursday, April 24, 2025

සෝලා නිසා අනුරට ගෙදර යන්න වෙයි – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය

- Advertisement -

සිංහල අවුරුද්ද උදා වීමේදී අවුරුදු තෑග්ගක් ලෙස ආණ්ඩුව සෝලා කර්මාන්තයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ව්‍යවසායකයින්ට රුපියල් මිලියන 550ක් සහ රජයට මිලියන 1100 ක පාඩුවක් සිදුවී ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා චෝදනා කරනවා.

අද (13) කොටදෙනියාව මැල්ලවගෙදර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, මෙම ක්‍රියාදාමය හේතුවෙන් අඩු වියදම් විදුලි ඒකක 7 90,000ක් පද්ධතියට අහිමි වී ඇති බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේදී ඇති වූ පොහොර ගැටලු හේතුවෙන් එතුමාට ධූරය හැර යාමට සිදුවූ ආකාරයෙන්ම මේ වන විට සිදු වී ඇති සෝලා ගැටලුව නිසා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටද ගෙදර යාමට සිදුවන බවට සංජීව ධම්මික මහතා එහිදී අවධාරණය කළා.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සංජීව ධම්මික මහතා :

“මෙම ක්‍රියාදාමය නිසා අඩු වියදම් විදුලි ඒකක 7 90,000ක් පද්ධතියට අහිමි වෙලා. ඒවා එහෙම නැවැත්තුවට ඉන්ධන වලින් බලාගාර දුවනවා එතනිනුත් පාඩුව රුපියල් මිලියන 200යි. රුපියල් දහයක මුදලට ගත හැකිව තිබූ අඩු වියදම් විදුලි ඒකක ප්‍රමාණය අතහැරලා රුපියල් පනහේ ඉඳලා සීය දක්වා මුදල්වලට ඒ ඒ අයගේ බලාගාරවලින් විදුලිය මිලදී ගන්නවා.ගණන් බලපුවාම අවුරුදු තෑග්ගේ සමස්ත පාඩුව රුපියල් මිලියන 2100 ක් විතර වෙනවා. ජනතාවට වගකිවයුතු ආයතනය මහජන උපයෝගීතා කොමිසම අහිංසක පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටිය යුතු අවස්ථාවක් උදාවෙලා.

පිරිවැය අධිකයි නිෂ්පාදනය සඳහා යන මුදල වැඩියි කියා ජුනි මාසේ ඉඳලා විදුලි බිල වැඩි කරන්ඩ කරන සූදානමක් බවයි අපිට මේ පේන්නේ. පෙරහරක් ළඟ එනවා කියලා කස කාරයෝ ඇවිත්ලා තියෙනවා.

රට අනුරට කිව්වා වගේ විදුලි බලය තිලක්ට දීල තියෙනවා. පොහොර නිසා ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියා මේ යන විදිහට සෝලා නිසා අනුර කුමාර දිසානායකට ගෙදර යන්න සිදුවෙනවා. රජයේ බලයට පත්වුණේ හොරු අල්ලන්න කියලා ඒ උනාට දැන් විදුලි බල මණ්ඩලය හොරු බෝ කරන තෝතැන්නක් බවට පත්වෙලා ඉවරයි”

RECENT ARTICLES - SINHALA

ජනපති මෙරට වතිකාන තානාපති කාර්යාලයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් මෙරට වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළකර...

ඡන්දෙට පාසල් නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

මැයි මස 6වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5වනදා නිවාඩු ලබාදෙන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ...

චාමර සම්පත්ගේ සිද්ධියට සම්බන්ධ සැකකාරියකට ඇප

ඌව පළාත් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එල්ල වූ චෝදනාවකට අනුබලදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තවත් සැකකාරියකට අද (24) ඇප ලබා දී...

POPULAR ARTICLES

ජනපති මෙරට වතිකාන තානාපති කාර්යාලයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් මෙරට වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළකර...

ඡන්දෙට පාසල් නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

මැයි මස 6වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5වනදා නිවාඩු ලබාදෙන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ...

ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින්ට දැනුම්දීමක්

ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින් මෙම මස 29වනදාට ප්‍රථම එරටින් පිටවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසා තිබෙනවා. ඉන්දියාවේ පාලන ප්‍රදේශයක් වන කාශ්මීරයේදී සංචාරකයින්...