චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (15) චීන ජනපති ෂී ජින් පිං (Xi Jinping) හමුවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
එම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමටද නියමිත බවද සඳහන්.
ජනාධිපතිවරයා සිය දෙවන නිල සංචාරය අරඹමින් ඊයේ (13) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගිය අතර අද (14) පෙරවරුවේ චීනය වෙත ළඟා වුණා.