අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියට අතවර සිදුකිරීම සම්බන්ධයෙන්, ඊයේ (02) දිනයේ විභාග වීමට තිබූ නඩු විභාගය අප්‍රේල් 10 වැනිදා දක්වා කල් තැබුණා.
ඒ, විශේෂඥ වෛද්‍යවරියට ලිංගික අතවර සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටින එම සැකකරු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර සිටීම හේතුවෙන්.
අද දිනයේ මෙම නඩු විභාගයට අදාළව පැවැත්වීමට නියමිතව තිබුණේ අදාළ සැකකරු සන්තකයේ තිබූ අත්බෝම්බයක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයයි.
කෙසේ නමුත් සැකකරු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර සිටීම හේතුවෙන් අනුරාධපුර අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නඩු විභාගය අප්‍රේල් 10 වැනිදා දක්වා කල් තබනු ලැබුවා.