30 C
Colombo
Sunday, October 6, 2024

අනුරාධපුර හිටපු සභාපතිගේ පුතා අයිස් සමඟ මාට්ටු

- Advertisement -

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 5කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

වසරක කාලයක සිට එම අයිස් තොග වශයෙන් අනුරාධපුර නගරය හා ඒ අවට බෙදා හරිමින් සිටි ඔහුගේ පුත්‍රයා, ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මල්වතු ඔය භාර, කුඩා නෙළුබෑව, කැකිරාව සහ මැදවච්චිය, යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙක්.

වසරක කාලයක සිට සූක්ෂම ලෙස මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ගෙන යන බවට ලැබුණු තොරතුරුකට අනුව කාලයක් තිස්සේ සිදු කළ දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ, කැකිරාව, මැදවච්චිය, තඹුත්තේගම නොච්චියාගම, එප්පාවල සහ තලාව වැනි ප්‍රදේශවල සිට අනුරාධපුරයට පැමිණෙන අමතර පන්ති සිසුන්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ විවිධ වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මාදු ගඟේ බෝට්ටු පදින්න ආපු පිරිසකට පහර දීලා

කුරුණෑගල ප්‍රදේශයේ සිට දේශීය සංචාරකයන් පිරිසක් බලපිටියේ මාදුගඟේ බොට්ටු සංචාරය කරන ආයතනයක් හරහා සංචාරය පිළියෙල කර තිබෙනවා. සංචාරය සඳහා සූදානම් වූ විට ඔවුන්ට ලබාදුන් ආරක්ෂිත...

එන්නතකින් පසු තරුණියක් මියයෑමේ සිද්ධිය විමර්ශනයට විශේෂඥ කමිටුවක්

සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේදී එන්නතක් විෂ වීමෙන් තරුණියක මියගියා යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය...

රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....