අනුරාධපුර නගරයේ සතොස අලෙවිසැලක මත්පැන් ගබඩා කර ඇති කාමරයක් බලහත්කාරයෙන් විවෘත කර මත්පැන් තොගයක් පැහැර ගෙන ගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සතොස අලෙවිසැල වසා තිබියදී මෙම සොරකම සිදුව ඇති අතර, එහි ගබඩා කර තිබූ මත්පැන් විශාල තොගයක් රැගෙන ගොස් ඇති බවයි.
මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ අනුරාධපුර අංක 01 සතොස ශාඛාවේ මත්පැන් ගබඩාවයි.