30 C
Colombo
Thursday, November 7, 2024

අනුරගේ ආණ්ඩුවෙන් මාධ්‍යට බලපෑම්

- Advertisement -

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධි ඒකාධිපති ගමනකට අර අදිමින් සිටින බවයි අලහප්පෙරුම මහතා සඳහන් කළේ.

ඔහු මේ බව කියා සිටියේ, අද (07) කොළඹදී සමගි ජන බලවේගය සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා:

“ඇතැම් මාධ්‍ය අලුත් වස්ත්‍ර ඇඳ ගත යුතුයි කියා ජනාධිපති අනුර දිසානායක මහතා මාධ්‍යට අනතුරු ඇඟවීමක් සිදුකළා. ඒ වගේම ඇතැම් මාධ්‍ය වල්බූරු නිදහසක් භුක්ති විඳිනවා එය වහාම නතර කරගත යුතුයි කියා මාධ්‍ය විෂය භාර ඇමැතිවරයා ලෙස විජිත හේරත් ඇමතිවරයාත් ප්‍රකාශ කළා. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ නායකයෙක් ප්‍රකාශ කළා ජාතික ජනබලවේගය බලයට පැමිණි පසු ඇතැම් මාධ්‍ය ආයතන වහන්න සිදුවෙයි කියලා. වර්තමානයේ ඇතිවී තිබෙන්නේ ඒ අනතුර දැයි අපට සැකයක් මතුවනවා.  

වෘත්තීය සමිති ව්‍යාපාරය අවශ්‍ය නැහැ ඒවා විසුරුවා හැරිය යුතුයි කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා. ඒවගේම රටට විපක්ෂයක් අවශ්‍ය නැති බවත් ආණ්ඩුව ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුවට ආණ්ඩුවක් පමණක් ප්‍රමානවත් බව ඔවුන් ප්‍රකාශ කරනවා. 

RECENT ARTICLES - SINHALA

අනුර පත්කළ සභාපතිට එරෙහිව සේවක සේවිකාවන් පාරට බැහැලා

ජනාධිපතිවරයා විසින් පත්කළ තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා, දූෂිත පුද්ගලයෙකු බව කියමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ ඊයේ (06) යාපනයේ දී විරෝධතාවයක...

PAYE Tax එක අඩුකරනවා – අනුර

උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) හි අනිවාර්යය සංශෝධනයක් ඉදිරි අයවැය මඟින් සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එය යහපත් සංශෝධනයක් වනු...

හිස්බුල්ලාගේ මැතිවරණ කාර්යාලයකට ගල් ප්‍රහාරයක්

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කාන්තන්කුඩිය පොලීසිය පවසන්නේ එම කාර්යාලයට ගල්වලින්...

POPULAR ARTICLES