නිර්ධන නමැති පන්තිය නියෝජනය කළ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වූ පසු එම පන්තිය අමතක කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
හම්බන්තොට පැවැති ජන හමුවකදී ඊයේ (27) ඔහු මේ බව පවසා සිටියා.
රටේ ජනතාව විඳින දුක, වේදනාව, පීඩනය හා අසහනය ගැන ජනාධිපතිවරයාට හෝ රජයට අවබෝධයක් නොමැති බවත් ජන දුක තේරෙන නාඩිය වැටෙන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
මේ වන විට කිරිපිටි මිල, සහල් මිල, පොල් මිල වැඩි වී ඇති මොහොතක නහයෙන් අඬමින් කෙඳිරි ගාමින් සිටින බව පැවසු සජිත් මහතා බල්ලන්ට, වඳුරන්ට වරද පටවා වැඩක් නොකර කෙඳිරි ගාමින් සිටින බව කියා සිටියා.
විපක්ෂ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර වෙනස පැහැදිලි බවත් පොදු ජනතාව අමතක කර ඇති බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළා.
විපක්ෂයේ සිටි අනුර කුමාර දිසානායක වැඩකරන ජනතාව, පොදු ජනතාව, සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඬක් නැඟූ නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායකට දුප්පත් ජනතාව වැඩ කරන ජනතාව ගොවි, ධීවර, කම්කරු ජනතාව අමතක වී ඇති බවට යි ඔහු චෝදනා කරමිනි පවසා සිටියේ.
ආණ්ඩුවට ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට නොහැකි වීම නිසා ජනතාව දැඩි පීඩනයකින් ජීවත් වන බවත් පාසල් උපකරණවලට සහ අත්‍යවශ්‍ය ආහාරවලට පවා වැට් ගසා ඇති බවත් කී විපක්ෂ නායකවරයා රැකියා ලබාදෙන බව කියා රැකියා විරහිත උපාධිධාරීන් රවටා ඡන්දය ලබාගෙන අද වන විට එම රැකියා විරහිත උපාධිධාරීන් ආණ්ඩුව මහපාරට ඇද දමා ඇතැයි සඳහන් කළා.