27 C
Colombo
Saturday, March 29, 2025

තොරතුරු කොමිසමේ පුරප්පාඩුවකට අයඳුම්පත් කැඳවයි

- Advertisement -

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධාන යටතේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරනවා.

ඒ අනුව, අයදුම්කරුවන් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි www.parliament.lk ක්‍ෂණික සබැඳි යටතේ ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම’ නමින් පළ කර ඇති තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව අයදුම්පත්‍ර සකස් කළ යුතු වනවා.

එසේ සම්පුර්ණ කරන අයැදුම්පත්‍ර 2025 අප්‍රේල් 1 වැනි දින හෝ ඊට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@ parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු වනවා.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් පණිවිඩයේ විෂයය වශයෙන් ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුයි.

RECENT ARTICLES - SINHALA

මීරිගම – කඩවත අධිවේගයේ වැඩ කඩිනම් කරන්න උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ  ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක්...

කරන්නාගොඩ පෙත්සම් විභාගයෙනුත් විනිසුරුවරුන් 2ක් ඉවතට

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සම්බන්ධ පෙත්සම් විභාගයෙන් තමන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අද (28) දැනුම් දුන්නා. මෙලෙස ඉවත් වූයේ දිලිප්...

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන බෙදූ අයෙක් අත්අඩංගුවට

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදා හරින ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ NCMEC...

POPULAR ARTICLES

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවේදී

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි. 12 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් මස 27වනදා සිට ඔක්තොබර් මස 5වනදා දක්වා...