අඩු රුධිර පරිමාව (hypovolemia) සහ රුධිරයේ අඩු ඇල්බියුමින් මට්ටමට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා තිබෙනවා .
ඒ සඳහා ලංසුකරුවන් දෙදෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ .
ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s Reliance Life Science (Pvt) Ltd. වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා .
එමෙන්ම ඇතැම් ග්‍රෑම් නෙගටිව් බැක්ටීරියා මාදිලි නිසා ඇති වන බරපතල ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධයක් වන කොලිස්ටිමෙතේට් සෝඩියම් එන්නත 1,000,000 IU වයල් 150,000ක් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති බව සඳහන් .
ඒ සඳහා ලංසු 03ක් ඉදිරිපත්ව තිබෙන බව පැවසෙනවා.
ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ M/s Slim Pharmaceuticals (Pvt) Ltd., (Manufacturer: M/s Gufic Biosciences Ltd, India), වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා .
ඇතැම් පිළිකා වර්ග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරන ට්‍රස්ටුසුමැබ් එන්නත් මිලිග්රෑම් 440න් මිලිලීටර් 20 වයල් 18,000ක් මිල දී ගැනීම සඳහාද ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබෙන අතර ඒ සඳහා ලංසු 4ක් ඉදිරිපත් වී ඇති බව සඳහන් .
ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, ට්‍රස්ටුසුමැබ් එන්නත් මිලිග්රෑම් 440න් මිලිලීටර් 20 වයල් 18,000ක් (ද්‍රාවක සමගින්) සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වූ ශ්‍රී ලංකාවේ, M/s Cliniqon Biotech (Pvt) Ltd., (Manufacturer: AryoGen Pharmed, Iran) වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා .