කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ.
ඒ අනුව ස්වර්ණ නාඩු සහල් තොගයක් එලෙස ආනයනය කිරීමට නියමිතයි.
ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ද හිමිවූ බව අමාත්‍යවරයා පැවසුවා.