29 C
Colombo
Thursday, April 24, 2025

රාජ්‍ය සේවයට අලුතින් සේවකයින් ගන්න අනුමැතිය

- Advertisement -

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් සහ තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මේ වන විට රාජ්‍ය අංශයේ පවතින පුරප්පාඩු සැලකිල්ලට ගනිමින් පළවන අදියර යටතේ නව බඳවා ගැනීම් 18,853ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ඒ සඳහා රාජ්‍ය සේවයේ විවිධ ආයතනවල කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් මෑතකාලීන ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් සහ තරුණ තරුණියන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබීමත් පවතින රාජ්‍ය මූල්‍ය අවකාශයත් සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා මෙම බඳවා ගැනීම සිදුවනු ඇති.

ඒ සඳහා 2025 අයවැය තුළින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එකී බඳවා ගැනීම් සඳහා නියමිත බඳවා ගැනීම් පටිපාටිවලට අනුකූලව අයදුම්පත් කැඳවා එකී බඳවා ගැනීම් සිදු කිරීම අදාළ අමාත්‍යංශ විසින් කඩිනමින් පියවර ගත යුතු බවත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අත්අඩංගුවට ගත් ඡන්ද අපේක්ෂකයින් ගණන ඉහළට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, පසුගිය මාර්තු 3 වන දින සිට අද (24) දිනය තුළ අත්අඩංගුවට ගෙන...

නෙවිල් සිල්වා අධිකරණට භාර වෙයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අද (24) මාතර අධිකරණයට භාර වී තිබෙනවා. 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ”...

පොලිසියෙන් දෙන සේවාවලට අය කරන ගාස්තු ගැන දැනුම්දීමක්

පොලිසිය විසින් මහජනතාව වෙත සපයන සේවා සඳහා අය කරනු ලබන ගාස්තු ඉහළ දැමීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින්...

POPULAR ARTICLES

අත්අඩංගුවට ගත් ඡන්ද අපේක්ෂකයින් ගණන ඉහළට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, පසුගිය මාර්තු 3 වන දින සිට අද (24) දිනය තුළ අත්අඩංගුවට ගෙන...

වෙඩි තැබීම් සහිත මළ සිරුරක් සොයා ගැනේ

වෙඩි තැබීම් සහිත සැකකටයුතු මළ සිරුරක් සොයා ගෙන තිබෙන බව පොලීසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ජා-ඇල, උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් මෙම මළ සිරුර හමුවී ඇති බවයි. මළ...

නෙවිල් සිල්වා අධිකරණට භාර වෙයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අද (24) මාතර අධිකරණයට භාර වී තිබෙනවා. 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ”...