30 C
Colombo
Wednesday, November 20, 2024

යාපනයේ හමුදා කඳවුරක් ඉවත් කරන්න අනුමැතිය

- Advertisement -

යුද්ධය පැවති සමයේ යාපනය කට් කෝවලම් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ හමුදා කඳවුරක් ඉවත් කිරීමට යුද හමුදාව තීරණය කර තිබෙනවා.

අදාළ හමුදා කඳවුරු පිහිටි භූමිය සිවිල් පුරවැසියන් තිදෙනෙකුට අයත් භුමියක් වන අතර කඳවුර ඉවත් කිරීමෙන් පසු එම භූමිය යළි එහි හිමිකරුවන් වෙත භාර දෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එම ප්‍රදේශයේ සිවිල් පුරවැසියන් තිදෙනෙකුට අයත් අක්කර 7කට වැඩි භූමි ප්‍රමාණයක මෙම හමුදා කඳවුර ඉදි කර ඇති අතර මෙම භූමිය නැවත එහි හිමිකරුවන් වෙත භාර දීමට යුද හමුදාව තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම හමුදා කඳවුර ඉවත් කළ යුතු කඳවුරක් බවට හදුනාගෙන තිබූ අතර ඒ අනුව මීට මාස කිහිපයකට පෙර මෙම හමුදා කඳවුර ඉවත් කිරීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, හමුදා කඳවුර පිහිටි ඉඩම හිමි සිවිල් පුරවැසියන් තිදෙනාගෙන් එම ඉඩම නැවත ලබා දෙන ලෙසට දිගින් දිගටම ඉල්ලීම් ලැබී ඇති අතර, එහිදී ඔහු සඳහන් කළේ හිමිකාරීත්වය ඇති සිවිල් පුරවැසියන් ඉල්ලීම් කළ ද ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් පවතී නම් එම කඳවුර ඉවත් කිරීමට තීරණය නොගන්න බවයි.

එසේම ඒ සඳහා කිසිදු අධිකරණ නියෝගයක් හෝ වෙනත් බලපෑමක් නොමැති බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ අනුව, මේ වන විට එම කඳවුරේ සිටි සියලුම සෙබළුන්ට ඉවත් වන ලෙසට දැනුම් දී ඇති අතර මේ වන විට එහි රැඳි සිටින්නේ අදාළ ඉවත් කිරීම් වලට අදාළ හමුදා සෙබළුන් පමණක් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, හමුදා කඳවුර පිහිටි භූමිය එහි හිමිකරුවන් වෙත නැවත භාර දෙන දිනය පිළිබඳව නිශ්චිතව කිව නොහැකි බව ද ඔහු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ජුලම්පිටියේ අමරේට පැනවූ මරණ දඬුවම තහවුරු කරයි

2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාව...

සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කරන්න අනුමැතිය

කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය...

නිකං ඉන්න එකේ මම කොමිටියක් දානවා – රනිල්

0
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස රවී කරුණානායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සදහා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් පුද්ගල කමිටුවක්...

POPULAR ARTICLES