අප්‍රේල් තුන්වනදා පැවැත්වෙන විරෝධතාවය සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන්නක් නොවන බව එම පක්ෂයේ මහලේක්ම රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
ඒ නමුත්, අදාල උද්ඝෝෂණය සංවිධානය කරන තරුණ පිරිසට සහාය දැක්වීම සදහා තම පක්ෂයද එදින පාරට බසින බවයි ඒ මහතා පවසන්නේ.
ජනතාව විදුලිය නැතිව අදුරේත් ඉන්ධන සහ ගෑස් නැතිව පෝලිම්වලත් පීඩා විඳින බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ස්වාධීන අරගලයට සිය පූර්ණ සහය ලැබෙන බවයි.
රජයට විරෝධය පෑම සදහා ජනතාව පාරට බැසිය යුතු බව සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඔහුගේ ෆේස් බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබුණා.