28.4 C
Colombo
Friday, November 22, 2024

පල්ලිය ආශ්‍රිත ලිංගික අපයෝජන චෝදනා නිසා කැන්ටබරි අගරදගුරු ඉල්ලා අස්වෙලා 

- Advertisement -

එංගලන්ත සභාවට සම්බන්ධ ලිංගික අපයෝජන චෝදනාවලට ලක්වූ පූජකයෙකුට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වූ බවට එල්ල වූ විවේචන හේතුවෙන්,ලෝක ව්‍යාප්ත ඇංග්ලිකන් පල්ලියේ අධ්‍යාත්මික නායක කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

නීතිඥයෙකු සහ එවැන්ජලිස්ත කිතුනුවකු වූ ජෝන් ස්මිත් නමැති බැරිස්ටර්වරයෙකු, ඔහු විසින් පවත්වාගෙන යන ලද ගිම්හාන කඳවුරු වලදී දශක පහක් තිස්සේ එක්සත් රාජධානියේ පිරිමි ළමයින් හා තරුණයින් 30 දෙනෙකු සහ සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාවේ 85 දෙනෙකු පමණ ලිංගිකව, මානසිකව සහ ශාරීරිකව අපයෝජනයට කිරීම සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම ගැන කැන්ටබරි අගරදගුරුවරයාට චෝදනා එල්ල වුණා.

2013 වසරේදී කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බිට මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබුණත් එම තොරතුරු පොලීසිය වෙත ලබා දීමට ඔහු පියවර ගෙන නැහැ.

තමා සිදු  කළ අපරාධ සම්බන්ධයෙන් කිසිදු දඬුවමක් නොවිදි ජෝන් ස්මිත් 2018 දී කේප් ටවුන්හිදී වයස අවුරුදු 77 දී මිය ගිය අතර මේ සම්බන්ධයෙන් අපයෝජනය පිළිබඳ ස්වාධීන සමාලෝචනයන් නිගමනය කර තිබුණේ, දශකයකට පෙර අගරදගුරුතුමා එය විධිමත් ලෙස පොලිසියට වාර්තා කළේ නම් ස්මිත්ව යුක්තිය ඉදිරියට ගෙන යා හැකිව තිබූ බවයි.

මේ හේතුවෙන් අගරදගුරු තුමාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කර තිබූ අතර ඒ සඳහා අත්සන් 13,000 කට වඩා එක්ව තිබුණා.

ජෝන් ස්මිත් තමා සමීපව ආශ්‍රය නොකළ බවත්, තමා ධුරයෙන් ඉවත්වීම එංගලන්ත පල්ලියේ යහපතට හේතු වන බව තමා විශ්වාස කරන බවත් පවසමින් කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන බව නිවේදනය කර තිබෙනවා .

RECENT ARTICLES - SINHALA

රත්වත්තේ නෝනා යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය දෙසැම්බර් මස 2වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත...

හරීන් CID ඇවිත්

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. ඒ අනුව, අද (22) පෙරවරු 10ට පමණ හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත...

ව්‍යාජ ආලේපන තොගයක් පිටකොටුවෙන් හොයාගෙන

ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල්ලේ හා පීපල්ස්...

POPULAR ARTICLES