29.1 C
Colombo
Saturday, April 12, 2025

Archi චැට් (එක) – ගෘහ නිර්මාණ ශිල්පී සුමුදු අතු‍‍කෝරල

- Advertisement -

Plan

Plan එකක් කියන්නේ ආර්කිටෙක්චර් හෝ ගොඩනැගිලි නිර්මාණ ක්‍රියාවලියේ ඉතාම වැදගත් අංගයක්. “ප්ලෑන්ක් ඇඳගන්න ඕනේ, ප්ලෑන් අඳිනවද?” වගේ ප්‍රකාශ අවබෝධය අඩු අය විසින් කරන ඒවා. Plan එකක් අඳිනවා කියන එක ආර්කිටෙක්චරල් නිර්මාණයක් කිරීම එහි අදහස ඉතාම පහත් තැනකට ලඝු කිරීමක්. ඒ නිසා Plan එකක් යන්න නිවැරදිව වටහා ගැනීම Architecture විෂය තේරුම් ගැනීමේ මූලික පියවරක්.

Plan එකක් යනු එම නිර්මාණ ක්‍රියාවලියේ සහ ඉදිකිරීම් ක්‍රියාවලියේ එක වැදගත් අංගයක් පමණයි. තවත් විදියකින් කියනවනම් දීර්ඝ නිර්මාණ ක්‍රියාවලිය සිදුකිරීමේ සහ ඒ නිර්මාණය තවත් කෙනෙකුට කියවා ගැනීමට ඇති විවිධ ආර්කිටෙක්චරල් රූපසටහන් වල එක අංගයක්.

තාක්ෂණික අර්ථයෙන් plan එකක් හෝ සැලැස්මක් යනු, යම් කිසි ගොඩනැගිලි නිර්මාණයක අඩි හතරක් හෝ පහක් උසින් කපා ඉහල සිට පහල බලන තාක්ෂණික රූප සටහනක්. එහි මුළු ගොඩනැගිල්ලේ දිග පළල, වෙනත් කාමර හෝ අනු අවකාශ වල දිග, පළල පෙන්නුම් කළ හැකියි.

අඩි පහක් උසින් කපා වෙන් කර ඉහළ සිට බලන විට අපට පෙනෙන සියලුම විස්තර එම රූප සටහන තුළ දැක්වීම සමාන්‍ය ක්‍රමවේදයයි. දොර ජනෙල්, පඩිපෙල, ගෘහ භාණ්ඩ, පොළව සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය, ඒ ඒ බිම් මට්ටම් වල උස, බිත්ති වල ඝනකම වැනි ගොඩනැගිල්ලක් තේරුම්ගැනීමට සහ ඉදිකිරීමට අවශ්‍ය සියලුම විස්තර plan එකක් තුළ විස්තර වේ.

ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවශ්‍ය වැඩබිම් සැලසුම්, අභ්‍යන්තර නිර්මාණ සඳහා අවශ්‍ය විස්තර, විදුලි සැපයුමට අදාල විස්තර, ජලනල සහ අනෙකුත් නල පද්ධතිය සඳහා අවශ්‍ය දේ විස්තර කිරීමට වෙන වෙනම සැලසුම් නිර්මාණය වන්නේ ඒ ඒ අන කොටස් පහසුවෙන් තේරුම් ගැනීම සඳහා වේ. වරලත් වාස්තු විද්‍යඥයකු ඔහු හෝ ඇය භාරගන්නා නිර්මාණයක් සඳහා මේ සියලු විස්තර ඔබට ලබාදෙනු ඇත. නිවැරදිව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඒ සියලු සැලසුම් අවශ්‍යය.

ඕනෑම plan එකකට එයට අදාල පරිමාණයක් (scale) තිබිය යුතු අතර එම ගොඩනැගිල්ලේ සැබෑ ප්‍රමාණ එම පරිමාණයට අදාළව කියවා ගත හැක. අඩි සහ අඟල් (imperial) පරිමාණයෙන් නම්, එකට අට (1′ : 1/8″) එකට දාසය (1′ : 1/16″) ආකාරයෙන් ක්‍රමිකව පරිමාණය දක්වනු ලබයි. සරලව ගත හොත් එකට අට යනු, එක අඟලකින් අඩි අටක දුරක් පෙන්නුම් කිරීමයි. සාමාන්‍යයෙන් භාවිතා වන අනිත් පරිමාණ ඒකකය වන්නේ මිලි මීටර් (metric) පරිමාණ ඒකකයයි.

මෙහිදී 1:100, 1:200 යනාදී වශයෙන් පරිමාණය දක්වනු ලැබේ. 1:100 යනු, එක මිලි මීටරයකින් මිලිමීටර් 100ක් නැතිනම් එක සෙන්ටිමීටරයකින් මීටරයක් පෙන්නුම් කරයි. මීට අමතරව, පිඹුරුපත් (Survey plan) යනු ඉඩමක සැලැස්ම වේ. Site plan එකක් යනු පිඹුරුපත ආශ්‍රයෙන් අදාළ ඉඩම සඳහා ඇඳගනු ලබන සැලැස්මකි. Layout plan යනු ගොඩනැගිල්ලක බිම් මහලේ සැලැස්ම ද සහිතව එම ගොඩනැගිල්ල ඉඩමෙහි පිහිටීමට අදාළව පිහිටන අයුරු පෙන්වන සැලැස්මකි. මේ ආකාරයෙන් plan එකක් යනු හුදෙක් පටු අදහසක් නොව ආර්කිටෙක්චර් නිර්මාණ සහ ඉදිකිරීම් ක්‍රියාවලියේ ඉතා වැදගත් කාර්යයක් සිදුකරන තාක්ෂණික රෑප සටහනක්.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් දැනුවත් කිරීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ හැකි උණුසුම් කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව...

අවුරුද්දට තෑගි බැහැ – පොලීසියට තහනමක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගෙන් හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් මූල්‍ය පරිත්‍යාග ලබාගෙන පොලිස් ස්ථාන තුළ සංග්‍රහ සංවිධාන නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත...

දෙවුන්දර වෙඩි තැබීමට අදාළ ගිනිඅවිය සොයාගනී

දෙවුන්දර ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදාගත් බවට සැක කෙරෙන T56 වර්ගයේ ගිනිඅවිය කැකනදුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අද (12)...

POPULAR ARTICLES

කාලගුණයෙන් දැනුවත් කිරීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ හැකි උණුසුම් කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව...

අවුරුද්දට තෑගි බැහැ – පොලීසියට තහනමක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගෙන් හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් මූල්‍ය පරිත්‍යාග ලබාගෙන පොලිස් ස්ථාන තුළ සංග්‍රහ සංවිධාන නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත...

දෙවුන්දර වෙඩි තැබීමට අදාළ ගිනිඅවිය සොයාගනී

දෙවුන්දර ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදාගත් බවට සැක කෙරෙන T56 වර්ගයේ ගිනිඅවිය කැකනදුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අද (12)...