26.1 C
Colombo
Friday, December 27, 2024

අර්චුනා ආයෙත් වලියක් දාගෙන

- Advertisement -

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (26) කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මතභේදාත්මක බහින්බස් වීමක් සිදුවු බවට වාර්තා වනවා.

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවතින අනවසර වැලි ගොඩදැමීම සම්බන්ධයෙන් දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක් වූ අවස්ථාවේදී මෙම බහින්බස් විම සිදුවු බවයි පැවසෙන්නේ.

එහිදි අර්චුනා මන්ත්‍රීවරයා සහ කිලිනොච්චිය තල්සංවර්ධන මණ්ඩලයේ සභාපති සහාදේව මහතා අතර මෙම බහින්බස් වීම සිදුව තිබු අතර සහාදේව මහතාට තවත් රජ්‍ය නිලධාරීන් පිරිසක් සහය දක්වා අර්චුන මන්ත්‍රීවරයාට විරෝධය පා තිබෙනවා.

පසුව මෙම බහින්බස්වීම ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා විසින් සමතයකට පත්කර තිබුණා.

කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කර්යාලයේදී අද (26) මෙම සංවර්ධන කමිටු රැස්වීම පවත්වා තිබෙනවා.

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට උතුරු පලාත් ආණ්ඩුකර නාගලිංගම් වේදනායගම් මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආරක්ෂක නිලධාරීන්ද සහභාගී වුණා.

RECENT ARTICLES - SINHALA

ජාතික තෛපොංගල් සැමරුම යාපනයට

ජාතික තෛපොංගල් සැමරුම ලබන මස 18 වැනිදා යාපනය - තෙල්ලිපලේ ප්‍රදේශයේ පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එම වැඩසටහන සංවිධානය කිරීම...

කොටුව – බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා

කොටුව - බදුල්ල හා බදුල්ල - කොටුව අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අද (27) හෙට (28 )සහ...

ටියුෂන් තහනම ගැන ඉල්ලීමක්

පාසල් ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සදහා අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමට අනිකුත් පළාත්වල අධ්‍යාපන ලේකම්වරුන් ද කටයුතු කළ යුතු බව රජරට දූෂණ...

POPULAR ARTICLES