30 C
Colombo
Friday, November 1, 2024

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

- Advertisement -

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මහනුවරදී ඊයේ (31) පැවති ගෑස් සිලින්ඩරයෙන් තරඟ කරන නව ප්‍රාජාතන්ත්‍රවාදි පෙරමුණේ පාක්ෂික හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා සිටියේ, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇඳගත්තත් තවමත් ඔවුන්ගේ ඇඟට ඒවා හරියටම ගැලපෙන්නේ නැතැයි පෙනෙන්නට තිබෙන බවයි.

කුණු ඇඳුම් විසිකර ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇඳගන්නැයි ජනාධිපතිවරයා රටේ මාධ්‍යයට පවසා තිබෙන නමුත් බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට තේරෙන දේ වත් රටේ ජනාධිපති, අගමැති, ඇමති තුන් කට්ටුවට නොවැටහෙන බව හිටපු ජනාධිපතිවරයේ මෙහිදී පවසා තිබෙනවා.

උදය සෙනෙවිරත්න වාර්තාව, බොරු වාර්තාවක් බවට අගමැතිනිය ප්‍රකාශයක් සිදු කර ඇති අතර  අගමැතිවරයෙක් බොරු ප්‍රකාශ සිදු කළ හොත් එම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට සම්ප්‍රදායක් ඇති බව හරිනි අමරසූරිය මහත්මිය දැනගත යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළා.

“පාර්ලිමේන්තුවේ ඡන්ද තියෙන්නේ මහජන නියෝජිතයින් තෝරන්න  , කවුද ඒක තෝරන්නෙ ඔබ , මෙතන ඇවිල්ල තර්ජනය කරනවා පාර්ලිමේන්තුව සුද්ද කරනවලු, ඔයා සුද්ධ කරන්න අබාන්ස් එකේද, ඒක ජනතාවගේ වැඩක්”

RECENT ARTICLES - SINHALA

රාජගිරිය වාහන ගරාජයක හදිසි ගින්නක්

රාජගිරිය ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයක හදිසි ගින්නක් මේ වන විට ඇති වී තිබෙනවා. එහිදී එම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් පිටත් කර...

මහින්දගේ මයිලකට හරි හානි වුනොත් බලාගමු

හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මයිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ්...

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 123ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, මහ මැතිවරණය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...