ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහාදූෂණයෙන් තොර හොඳ කණ්ඩායමකින් තමාට ආරාධනාවක් ලදහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.
ඒ, ඊයේ (01) දින මහනුවර දළඳා මාලිගාව වැඳපුදාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
සොරකම් නොකරන, ඩීල්කාරයන් නොමැති කණ්ඩායමක් පක්ෂ දේශපාලනයෙන් තොරව එක්වූවහොත් රට ගොඩනැගීමට හැකි බවත් ඔහු පවසනවා.
මෙරට මුදලටම යටත් වූ රටක් බවට පත්ව තිබීම අවාසනාවට කාරණාවක් බවත් තමන් පක්ෂ දේශපාලනයට අකමැති අයෙකු බවත් ව්‍යාපාර කටයුතු වලින් ජීවත් වන තමාට සොරකම් කිරීමට අවශ්‍ය නොමැති බවත් ඔහු පවසනවා.
එබැවින් රටට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ සඳහා ඉදිරිපත් වන බවත් රණතුංග මහතා පවසනවා.