25 C
Colombo
Thursday, December 5, 2024

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට යුද හමුදා ආරක්ෂාව

- Advertisement -

අද (13) උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 40ක් පමණ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

කොළඹ කොටුව දක්වා උදෑසන දුම්රිය ගමන් වාර 15ක් සහ පුත්තලම් මාර්ගයේ සිට කොළඹ දක්වා උදෑසන දුම්රිය ගමන්වාර 04ක් ද ධාවනය කිරීමට නියමිතයි.

කැලණිවැලි මාර්ගයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 4ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 17ක් ධාවන කෙරෙනු ඇති.

දුර පළාත්වල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද සහිතව කාර්යාල සේවය සඳහා ගමන් ගන්නා මගීන් වෙත ගමන් වාර යෙදවීමට ද සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදා සාමාජිකයින් යොදවා තිබෙන බවටද වාර්තා වෙනවා.

අවශ්‍ය වුවහොත් අනෙකුත් දුම්රිය ස්ථාන සඳහාද යුද හමුදාව යොදවන බවයි වාර්තා වන්නේ.

ඊයේ (12) ඇරඹුනු දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල විවිධ ගැටලුකාරි තත්ත්වයන් උද්ගත වු අතර හොරපේ දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් වැටී තරුණයකු මිය යෑමේ සිද්ධිය නිසාත් දුම්රිය රියැදුරු සහ මගීන් අතර බහින්බස්වීම් ඇති වුණ අතර එම බහින්බස්වීම් දුරදිග ගිය තත්ත්වයන් ද දක්නට ලැබුණා.

දුම්රිය බලාපොරොත්තුවෙන් පැමිණෙන මගීන් දුම්රිය ප්‍රමාද වීමෙන් මුහුණ දෙන මහත් අපහසුකාරී තත්ත්වයන් නිසා මතු විය හැකි ගැටලුකාරී තත්ත්වයන් මර්දනය කිරීම සඳහා යුද හමුදාව යෙදවීමට සිදූ වුණ බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

බාර් ලයිසන් ගත්ත අයගේ නම් ලිස්ට් එක මෙන්න

2024 වර්ෂය සඳහා නිකුත් කරන ලද සුරාබදු බලපත්‍රවල සියලුම තොරතුරු ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා හෙළි කළා. ඊ‌ට අදාළ නාම ලේඛනය පහතින් Notes_241204_213819Download https://www.news19.lk/here-is-the-number-of-bar-licenses-given-by-ranil-revealed-by-bimal1/

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය හා අනුර අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා එහිදී ඉලංගෙයි තමිල්...

POPULAR ARTICLES

රශීඩ්ගෙන් ආයාචනයක්

තලේබාන් රජය එරට කාන්තාවන්ට වෛද්‍ය පුහුණුව තහනම් කිරීමට ගත් තීරණය පිළිබඳ නැවත සලකාබලන මෙන් ඇෆ්ගනිස්තානයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් ඉල්ලීමක් කර තිබෙනවා. ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට...