24 C
Colombo
Tuesday, April 22, 2025

හමුදා සෙබළෙක් මුදල් ගන්න ලොතරැයි අංක මාරු කරලා

- Advertisement -

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් ටිකට් පතක එක් අංකයක් වෙනස් කර මුදල් ලබා ගැනීමට උත්සාහ කළ යුද හමුදා සෙබළෙක් විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා කඳවුරක රාජකාරි කරන පයාගල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

පොලිසිය පවසන්නේ මෙම සෙබළා ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් ටිකට් පතක එක් අංකයක් සූක්ෂම ලෙස වෙනස් කර රුපියල් 2000 ක මුදලක් ජයග්‍රහණයකර ඇති බවට ඒත්තු ගන්වා එම මුදල ලබා ගැනීමට උත්සාහ කර ඇති බවයි.  

ඒ අනුව, ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් අළවි නියෝජිත වරයා  සැකකරු අල්ලාගෙන පැමිණ භාරදීමෙන් පසු කරන ලද පැමිණිල්ලකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකාර සෙබළා මෙවැනිම ආකාරයට හොරණ නගරයේ අලෙවි නියෝජිතවරියක දරවටා වංචා සහගත ලෙස රුපියල් 200 ක මුදලක් ව්‍යාජ ටිකට් පතක් ඉදිරිපත් කර ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇති බවද පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ආහාර සුරක්ෂිතතා කමිටුව අදත් රැස්වෙලා

රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව 06 වන වරටත් අද (21) රැස් වුණා. ඒ කෘෂිකර්ම, පශු සම්පත්,...

පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍යවේදීන් අහනකොට මෛත්‍රිට හදිසියක්

ජනාධිපති අරමුදලේ මුදල් ලබා දීමේ අක්‍රමිකතාවයක් සිදුවි තිබේනම් එය මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින් සිදුවි තිබෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...

POPULAR ARTICLES

අඳුරු වුණ අයිෆල්

ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරනු ලබන ගෞරවයක් වශයෙන් ලොව ප්‍රසිද්ධ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දැමීමට තීරණය කර තිබෙනවා. පැරිස් නගරාධිපතිනි ඈන් හිඩැල්ගෝ නිවේදනයක් නිකුත්...