28 C
Colombo
Saturday, December 28, 2024

තෙල් පෝලිමේ විනය බලන්න යුද හමුදාව

- Advertisement -

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක ඉන්ධන හල් අධීක්ෂණය කිරීම සඳහා යුද හමුදා සෙබළුන් යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අද සිට ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත්ව සිදුවන්නේද යන්න පිළිබඳව හමුදා සෙබළුන් යොදවා නිරීක්ෂණය කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසන්නේ.

ඉන්ධන හල් වෙත ලබාදෙන ඉන්ධන තොග නිසිරි පරිදි බෙදා හැරීම සිදු නොවන බවට වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර මේ නිසා ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටීමට ජනතාවට සිදුව ඇති තිබේ. එම පෝලිම්වලදී ඇතිවන නොසන්සුන්කාරී තත්වයන් සම්බන්ධයෙන් දිනපතා වාර්තා වේ.

මෙවැනි නොසන්සුන්කාරී තත්වයත් ඇතැම්විට ගැටුම් දක්වා දුරදිග යන අතර පෙරේදා රාත්‍රියේදී එවැනි ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනයට ලක් විය.

මෙම තත්වය මත බවුසර් මගින් ඉන්ධහල් වෙත රැගෙන ඉන ඉන්ධන තොග නිසි පරිදි පාරිභෝගියක් වෙත බෙදා හරින්නේද යන්න යුද හමුදා සෙබළුන් විසින් නිරීක්ෂණය කරන බවත්, ඒ හැර වෙනත් කිසිදු කාර්යයකට හමුදා සෙබළුන් මැදිහත් නොවන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මෙරට ණය ශ්‍රේණිගත කිරීම් ගැන තීරණයක්

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකිරීම ඉහළ නොදැමීමට ගෝලීය ණය ශේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන ස්ටෑන්ඩර්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ...

සූකර උණ ගැන අලුත් කතාවක්

අප්‍රිකානු සූකර උණ වල් ඌරන් අතර ද ව්‍යාප්තවී ඇතැයි, වන ජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වන විට යාල වනෝද්‍යානයේ ඌරන්...

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙස හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු පැවසුවේ...

POPULAR ARTICLES

මෙරට ණය ශ්‍රේණිගත කිරීම් ගැන තීරණයක්

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකිරීම ඉහළ නොදැමීමට ගෝලීය ණය ශේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන ස්ටෑන්ඩර්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ...

සූකර උණ ගැන අලුත් කතාවක්

අප්‍රිකානු සූකර උණ වල් ඌරන් අතර ද ව්‍යාප්තවී ඇතැයි, වන ජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වන විට යාල වනෝද්‍යානයේ ඌරන්...

සීදුවේ වෙඩි තැබීමක් – තිදෙනෙක් රෝහලේ

සීදූව වෙලබඩ මාර්ගයේදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ එකම පවුලේ තිදෙනෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි. මෝටර් රථයකින් පැමිණි පිරිසක්...