26.9 C
Colombo
Wednesday, November 27, 2024

ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම අත්අඩංගුවට ගන්න වරෙන්තු

- Advertisement -

ගෝඨා ගෝ ගමට පහර දුන් සිද්ධියේ නඩුවට අදාළව ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, ගාලුමුවදොර අරගලයට පහර දීමේ සිද්ධියේ නඩුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී එම සිද්ධියට සැකකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක ඇතුළු ඇප මත සිටින සැකකරුවන් සියලු දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.

කෙසේවෙතත්, මෙම සිදුවීමේ සැකකරුවන් ලෙස නම්කර සිටින ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙක් අද දින අධිකරණය හමුවේ පෙනී සිට නැහැ .

එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ  පවසා සිටියේ අදාළ සැකකරුවන් මේ වන විට විදෙස් ගතව සිටින බවයි.

ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින්  කියා සිටියේ විමර්ශන අවසන් කර උද්ධෘත නීතිප්තිවරයා වෙත යවා තිබෙන බවයි.

ඒ අනුව, නීතිපති උපදෙස් සඳහා 2025 මාර්තු 26දින නඩුව නැවත කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව අද (27) රාත්‍රියේ කොළඹ කොටුව සිට...

ආපදා මරණ ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් උදය හේරත් මහතා...

සේවා දායකයෙක් නැති නඩුවක්

පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු වාර්තා කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිඥවරයකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව නියෝගයක් ඉල්ලා සිටි නඩුව අද (27) කොටුව...

POPULAR ARTICLES

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව අද (27) රාත්‍රියේ කොළඹ කොටුව සිට...

ආපදා මරණ ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් උදය හේරත් මහතා...

දොස්තර සාෆි ගැන විමර්ශන කළ DIG දෙදෙනාට වැඩ වරදියි

ජාතින් අතර අසමගිය ඇතිකිරීම සඳහා සැලසුම්සහගතව හා කුමන්ත්‍රණකාරීව ව්‍යාජ ප්‍රකාශයක් සිදුකරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සහ කූඨලේඛන සකස් කිරීමේ ව්‍යාජ චෝදනාව සම්බන්ධයෙන්...