29.7 C
Colombo
Wednesday, April 16, 2025

මත්ද්‍රව්‍ය නඩුවකින් බේරුණු තුන්දෙනෙක් යළි අල්ලන්න වරෙන්තු

- Advertisement -

නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් තුන්දෙනෙකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) නියෝගයක් නිකුත් කළා.

ඒ, 2019 වසරේ උතුරු මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 196 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නඩු පවරා නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙන්.

මෙම සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ගත් තීරණය බලරහිත කොට එම විත්තිකරුවන් වරදකරුවන් කොට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

මෙම අභියාචනා පෙත්සම් එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණා.

මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට නිදොස් කොට නිදහස් කෙරුණු තවරාසා සුදාකරන්, අලගේසුපිල්ලේ තවරාසා සහ කන්දයියා චන්ද්‍ර කුමාර යන විත්තිකරුවන් තුන්දෙනා අධිකරණය මගහැර විදෙස් රටවලට පළා ගොස් තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අවුරුදු සමයේ අධිවේගයෙන් නොසිතූ ආදායමක්

මෙවර අලුත් අවුරුදු සමයේ ගතවූ දින 6 තුළ අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 787,000ක් ගමන්කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව, මාර්ග සංවර්ධන අධිකාරියේ...

අර්ථසාධක අරමුදලේ වටිනාකම ඉහළට

සේවක අර්ථසාධක අරමුදල 2024 වසර අවසානයේ දී විශ්‍රාම අරමුදල් අංශයේ සමස්ත වත්කම්වලින් 81.0%කට හිමිකම් කියමින් සේවක අර්ථසාධක අරමුදල තවදුරටත් එම අංශයෙහි ප්‍රධානත්වය දැරුවා.  සේවක අර්ථසාධක...

වාහන ව්‍යාජ ලෙස ලියාපදිංචිය ගැන සෙවීමට කමිටුවක්

මෙරටට ගෙන්වන ලද වාහන ව්‍යාජ ලෙස ලියාපදංචි කිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදීයි. මෙරටට ගෙන්වන ලද...

POPULAR ARTICLES

අවුරුදු සමයේ අධිවේගයෙන් නොසිතූ ආදායමක්

මෙවර අලුත් අවුරුදු සමයේ ගතවූ දින 6 තුළ අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 787,000ක් ගමන්කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව, මාර්ග සංවර්ධන අධිකාරියේ...

ජනාධිපතිවරයා ත්‍රස්තවාදියෙක් – පිල්ලෙයාන් හමුවූ ගම්මන්පිල කියයි

සිරමැදිරියක් තුළ ගෙවන වේදනාත්මක ජීවිතය පිළිබදව සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් තමන්ට කරුණු පැහැදිලි කළ බවත්, ඇතැම් අවස්ථාවල පිල්ලෙයාන් කඳුලු සලමින් හඬා වැටුණු බවත් පිවිතුරු...

ඊශ්‍රායල ජාතිකයින්ට මාලදිවයිනට ඇතුළු වීම තහනම් කරයි

මාලදිවයින ඊශ්‍රායල ජාතිකයින්ට එරටට ඇතුළුවීම තහනම් කර කරමින් නව නීතියක් පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාස තීරයේ යුද්ධයට විරෝධය පළ කරමින්  පලස්තීන ජනතාවට සිය...