25.2 C
Colombo
Sunday, December 15, 2024

මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම ඔවුන් බිය ගැන්වීමේ නිර්ලජ්ජිත උත්සාහයක් – මාධ්‍ය සංවිධාන එකතුව

- Advertisement -

ජනමාධ්‍යවේදීන් වන බිමල් රුහුණගේ මහතා සහ රාවණා ලංකා වෙබ් අඩවියේ හිමිකරු ජී. පී නිශ්ශංක මහතා පොලීසිය‍ යොදවා අත්අඩංගුවට ගැනීම දැඩිව හෙළා දකින බව මාධ්‍ය සංවිධාන එකතුව පවසනවා.

මාර්ගගත ක්‍රමවේදවල ආරක්ෂාව පිළිබඳ පනත, ප්‍රති ත්‍රස්ත පනත වැනි නව නීති සම්මත කරමින් නිදහස් අදහස් ඝාතනය සඳහා අවශ්‍ය නෛතික පසුබිම සකසා ගනිමින් තිබියදී මෙලෙස මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගනු ලබන්නේ, අනියමින් බිය වැද්දීම හරහා ඔවුන් නිහඬ කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයක් බවත් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවත් එම සංවිධානය පෙන්වා දෙනවා.

කුරුණැගල බස් නැවතුම්පළෙහි සිදු වූ සිදුවීමක් වාර්තා කරන අතරතුර පොලිස් රාජකාරියට බාධා කළේ යැයි පවසමින් කුරුණෑගල පොලීසියේ අපරාධ කොට්ඨාශයෙන් අත්අඩංගුවට ගත් බිමල් රුහුණගේ මහතා කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවනු ලදුව මාර්තු 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පළ කිරීමක් කළ බවට චෝදනා එල්ල වූ රාවණා ලංකා වෙබ් අඩවිය හිමි ජී.පී නිශ්ශංක මහතා කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මාර්තු 20 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කිසියම් සිදුවීමක් හෝ පුවතක් වාර්තා කළ පමණින් මෙලෙස මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මාධ්‍ය සංවිධාන එකමුතුව දකින්නේ නිදහසේ වාර්තාකරණයේ යෙදෙන සෙසු මාධ්‍යවේදීන්ද බිය ගන්වා ස්වයං වාරණයකට ලක් කිරීමක් ලෙසයි.

මෙම සිදුවීම්වලට අදාල මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ කිසියම් ගැටලුවක් ඇත්නම් ඒවා මාධ්‍ය සමාජය තුළ පුළුල් සාකච්ඡාවක් හා මාධ්‍ය ප්‍රතිසංස්කරණ ඇසුරෙන් විසඳා ගැනීමේ හැකියාව තිබියදී  වාර්තාකරණයේ ස්වභාවය හා මාධ්‍ය නිදහසේ සීමාවන් පිළිබඳ ප්‍රශ්න කරමින් සිදු වන අත්අඩංගුවට ගැනීම් ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම සඳහා දියත් වන වැඩපිළිවෙළෙහිම කොටසක් බව මාධ්‍ය සංවිධාන එකතුව පවසනවා අවධාරණය කරනවා.

ඒ අනුව, මර්ධනය ඉදිරියේදී වඩාත් දැඩි විය හැකි බවට එම සංවිධානය බිය පළ කරයි.

“යුක්තිය මෙහෙයුම”, “පොලිස්පතිවරයාගේ පත්වීම” වැනි සිදුවීම් හරහා මානව හිමිකම් කොමිසමේත්, නීතිය හමුවේත් ප්‍රශ්න කිරීමට ලක්ව ඇති ශ්‍රී ලංකා පොලීසිය යොදවා මෙම අත්අඩංගුවට ගැනීම් සිදු වන්නේ නව නීති ක්‍රියාත්මක වීමට පෙර සහ පවතින නීතිය භාවිතා කරමින් වන පසුබිමක කට වහන නව නීති ක්‍රියාත්මක වීමට පටන් ගත් පසු වඩා දරුණු තත්ත්වයක් නිර්මාණය විය හැකි බවද මාධ්‍ය සංවිධාන එකමුතුව පෙන්වා දෙනවා.

එබැවින් මෙම සිදුවීම්වලට එරෙහිව සෑම ආකාරයකම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගනිමින් කටයුතු කරන බව පෙන්වා දෙන මාධ්‍ය සංවිධාන එකමුතුව සිය වෘත්තීය කටයුතුවල නිරත සියලු මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා කැපවන බවද නිවේදනය කරනවා.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තොරතුරු ගැන නැවත පරීක්ෂාවක්

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් සියලුම මන්ත්‍රීවරුන්ගේ තොරතුරු නැවත පරීක්ෂා කර යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතු වාර්තා වෙනවා. පාර්ලිමේන්තු වෙබ්...

කථානායක ධුරයට නම් තුනක්?

0
කථානායක ධුරය සඳහා මේ වනවිට නම් තුනක් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සහ...

කතානායක ඉල්ලා අස්වීම හොඳ ආදර්ශයක් – අලුත් පියාපත් සංවිධානය

අශෝක රන්වල මහතා රටේ තුන්වන පුරවැසියා වශයෙන් සැලකෙන කතානායක ධූරයෙන් ඉවත් වීම ඔහු අතින් වරදක් සිදුවී ඇති නම් ඒ වරදට සාපේක්ෂව සාධාරණ කැපකිරීමක් බව...

POPULAR ARTICLES