27.8 C
Colombo
Friday, March 14, 2025

‘ආවා’ UNP ගියා

- Advertisement -

යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බවට තමාව හඳුන්වාදුන් අරුලානන්දම් අරුන් නොහොත් අරුන් සිද්ධාර්ථ් එක්සත් ජාතික පක්ෂයේ යාපන දිස්‍ත්‍රික් සංවිධායක ලෙස පත් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක විසින් එම පත් කිරීම සිදු කර තිබුණා.

එම පත්වීම පිරිනැමීමේ උත්සවය ඊයේ (21) යාපනය චෙල්වම් උත්සව ශාලාවේදී පැවැත්වුණා.

රට වැටී ඇති අගාධයෙන් ගොඩ දැමීම සඳහා අවශ්‍ය සහයෝග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත  තම සහයෝගය ලබා දෙන බව එහි දී අරුන් සිද්ධාර්ථ් පවසා තිබෙනවා.

අරුන් සිද්ධාර්ථ් 2020 වසරේ පැවැති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරඟ කරනු ලැබූ අතර ඔහු මේ වෙන විට ‘යාපනය සිවිල් සමාජය’ ලෙස ඔවුන් විසින් හඳුන්වා ගනු ලබන කණ්ඩායමක නායකයා ලෙස කටයුතු කරනවා.

RECENT ARTICLES - SINHALA

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද (14) පස්වරු 6.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය තහවුරු කළා.

දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට...

වවුචර්පත් ලබාදීම ගැන නිවේදනයක්

පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද (14) පස්වරු 6.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය තහවුරු කළා.

දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට...

මූතූර්හි ද්විත්ව ඝාතනයට මිණිබිරිය අත්අඩංගුවට

මුතූර්, දාහානගර් ගම්මානයේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇත්තේ, ඔවුන්ගේ 15 හැවිරිදි මිණිබිරිය බව පොලීසිය පවසනවා. පොලීසිය සඳහන් කළේ, අදාළ කාන්තාවන් දෙදෙනා තවත් මුණුබුරන් දෙදෙනෙකුට...