27.8 C
Colombo
Monday, April 7, 2025

අරුන් සිද්ධාර්ත් අත්අඩංගුවට

- Advertisement -

සමගි ජන බලවේගයේ යාපනය නල්ලූර් ප්‍රදේශයේ සංවිධායකවරයා වන වෙට්ටිවෙලු ජයන්තිරන් නමැත්තාට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගොම ප්‍රහාරයක් එල්ල කර දේපළවලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අරුන් සිද්ධාර්ත් අධිකරණයට ඉදිරිපත් කළ පසුව එළැඹෙන මැයි මස 05 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

සමගි ජන බලවේගයේ නල්ලූර් සංවිධායකවරයා සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ට අශෝභන ලෙස අපහාස කිරීම හේතුවෙන් යාපනය කාන්තා සංවිධානයක කාන්තාවන් පිරිසක් මෙලෙස ඔහුට ගොම ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම සංවිධානය සඳහන් කරන්නේ තම කාන්තා සංවිධානය යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයට අනුබද්ධව කටයුතු කිරීම හේතුවෙන් එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අරුන් සිද්ධාර්ත් අත්අඩංගුවට ගත් බවයි.

RECENT ARTICLES - SINHALA

මිනිස්සු අපිට හිනාවෙනවා-එස්.එම් චන්ද්‍රසේන

සහෝදරයා හා තම බිරිඳ සිරඟත විම සම්බන්ධයෙන් තමා ඉතා කණගාටුවෙන් සිටින බව හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා. කෙසේ වුවත් තමාගේ දේශපාලන කටයුතු ඉදිරියට පවත්වා ගෙන...

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් විමර්ශනයක්

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා‌ගේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කර...

වැලිකඩ පොලිස් ස්ථානාධිපති ධුරයෙන් ඉවත් කිරිමේ සූදානමක්

වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින්...

POPULAR ARTICLES

T20 ලෝක කුසලානය දිනා අදට වසර 11ක්

ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 11ක්. බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවති 2014 පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන...