24 C
Colombo
Saturday, November 9, 2024

Breaking: අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

- Advertisement -

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ පසුගියදා රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිදුවීමකට අදාළව ජනාධිපතිවරයා කළ දැනුම්දීමට අනුවයි.

අරුන්දික ප්‍රනාන්දු මහතාගේ අමාත්‍යංශයට අයත් පොල් සංවර්ධන මණ්ඩලයේ මෝටර් රථයක් හා එහි රියදුරෙක්ද අදාළ පහරදීමේ සිදුවීමට සම්බන්ධවී තිබුණා.

මීට අදාළව අමාත්‍යවරයාගේ පුත්‍රයාද අත්අඩංගුවට ගත් අතර අද ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.


RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES