27.4 C
Colombo
Thursday, December 12, 2024

අසාද් සාලිගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් තමාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී යැයි තීන්දුවක් ලබා දෙන මෙන් ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම්  පෙත්සමේ තීන්දුව අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළා.

එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ෆර්නෑන්ඩු මහතා සඳහන් කළේ අසාද් සාලි මහතාගේ 12(1) සහ 13(1) යන මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කරන බවයි.

එබැවින් පෙත්සමේ  වගඋත්තරකරුවන් වන හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය  සරත් වීරසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ එවකට හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල යන නිලධාරීන් අසාද් සාලි මහතාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට  ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අනුව,වගඋත්තරකරුවන් විසින් අසාද් සාලි මහතාට රුපියල් 75,000ක මුදලක් ගෙවිය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

එමෙන්ම අසාද් සාලි මහතාව  රඳවා තබා ගැනීම සඳහා නිකුත් කළ රැඳවුම් නියෝගයද නීති විරෝධී ලෙස ප්‍රකාශයට පත් කළා.

RECENT ARTICLES - SINHALA

විදේශ රැකියා වංචාකරුගෙන් පොලිසියට ප්‍රහාරයක්

විදේශ රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන වංචාකර සැඟව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමකට සැකකරු සිදුකළ පහරදීමකින් උප...

දූෂණ – වංචා මඩින්න කැනඩා සහය

දූෂණය සහ වංචාව වැලැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ...

වැඩි මිලට සහල් විකිණූ වෙළෙන්දන්ට නඩු

රජයේ පාලන මිළට වැඩියෙන් හාල් විකිණූ අම්බලන්තොට නගරයේ වෙළඳුන්ට පාරිභෝගික සේවා අධිකාරිය මගින් නඩු පැවැරීමට කටයුතු කළා. සුදු කැකුළු හා රතු කැකුළු හාල් කිලෝවක් රුපියල්...

POPULAR ARTICLES

ඊශ්‍රායල ප්‍රහාර කිහිපයකින් ගාසාහි 35 දෙනෙකු මරුට

ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය අද (12) එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා. ගාසා තීරයේ - නුසෙරාට්හි නිවසකට ද එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින්...