30 C
Colombo
Wednesday, March 5, 2025

වෑන් රථයකින් නිවසට පැමිණි පිරිසක් අසේල සම්පත්ව පැහැරගෙන යයි

- Advertisement -

මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි හඳුන්වා ගත් පිරිසක් විසින් පැහැරගෙන ගිය බවට පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සභාපතිවරයාගේ දියණිය වන අග්‍රා දිනෙත්‍රි විසින් මේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, තම පියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකොට මෙසේ පැහැරගෙන ගිය බවත්, එහිදී ඔහුට පහර දුන් බවත් අදාළ පැමිණිල්ලේ සඳහන් ය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පැලැන්වත්ත, පන්නිපිටිය ලිපිනයේ පදිංචි අසේල සම්පත්ගේ දියණිය වන අග්‍රා දිනෙත්‍රි පැවසුවේ තම පියා රැගෙන ගිය පිරිස සුදු පැහැති වෑන් රථයකින් පැමිණි බවත්, ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි පැවසූ බවත් ය.

තමන් ඔවුන්ගෙන් රාජකාරි හැඳුනුම්පත් ඉල්ලා සිටියද, ඔවුන් එවැනි කිසිදු අනන්‍යතාවක් හෙළි නොකළ බවත්, ඒ වෙනුවට සිය පියාට මුව ආවරණයක් හෝ පැළඳ ගැනීමට ඉඩක් ලබානොදී පහර දී බලහත්කාරයෙන් රැගෙන ගිය බවත් ඇය සඳහන් කළාය.

අවුරුදු 18ක් වයසැති සිය සහෝදරයා මේ අවස්ථාවේ ඔන්ලයින් අධ්‍යාපන කටයුත්තකට සම්බන්ධ වී සිටි බවත්, අදාළ පිරිස ඔහු ළඟ තිබූ දුරකතනය ද පැහැරගෙන ගිය බවත් ඇය වැඩිදුරටත් පැවසීය. අද (25) රාත්‍රී 8.30ට පමණ මේ සිදුවීම සිදු වූ බවත්, තමන් වහාම පදිංචි ප්‍රදේශය අයත් පොලිස් ස්ථානය වන පිළියන්දල පොලිසියට ගියද, ඔවුන් පැමිණිල්ල බාරගැනීම සෑහෙන වේලාවක් ප්‍රමාද කළ බවත් සඳහන් කළ ඇය, අවසානයේදී බරපතළ ලෙස ඉල්ලීම් කිරීමෙන් පසු පැමිණිල්ල ලියාගත් බව ද පැවසීය.

පිළියන්දල පොලිසියේ අද දිනැති 196/171 පැමිණිලි අංකය යටතේ අදාළ පැමිණිල්ල සටහන් වී තිබේ.

මේ අතර, අප කළ විමසීමකදී පිළියන්දල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගෙන ඇති බවට තමා දැනුවත් කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

පිටකොටුවේ වෙළඳසැලක ගින්නක්

පිටකොටුව, බෑන්ක්ෂෝල් වීදියේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. එලෙස හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ අටක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන හමුදාව සඳහන්...

රේගුවේ අක්‍රමිකතා නවත්වන්න දැඩි නීති

යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය අතර දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා. එහිදී සිදුවූ අවහිරතාව හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ , ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ ගමන්...

POPULAR ARTICLES

EPF වල කොන්දේසි ලිහිල් කරනවා

සේවක අර්ථ සාධක අරමුදලෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේදී පනවා ඇති කොන්දේසි ලිහිල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා...

පිටකොටුවේ වෙළඳසැලක ගින්නක්

පිටකොටුව, බෑන්ක්ෂෝල් වීදියේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. එලෙස හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ අටක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන හමුදාව සඳහන්...

රේගුවේ අක්‍රමිකතා නවත්වන්න දැඩි නීති

යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක...