ඊයේ දිනයේ කොම්පඤ්ඤවීදිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමේ ජාතික සංවිධායක අසේල සම්පත් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අසේල සම්පත් අත්අඩංගුවට ගැනුණේ, 2019 වසරේදී පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේයි.
මෙම නඩුව සම්බන්ධයෙන් අසේල සම්පත්ට වරෙන්තු නිකුත් කර තිබු අතර ඊයේ අත්අඩංගුවට ගත් ඔහු කොළඹ, අලුත්කඩේ මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.