හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඒ සමාජ මාධ්‍යයේ පැතිර යන වීඩියෝව සහ ඊට අදාළ ඡායා රූප සම්බන්ධව පැමිණිල්ලක් ගොනු කිරීම සඳහායි.
මහාචාර්යවරයා පැමිණිල්ල සටහන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සිය වීඩියෝ පටය සහ ඡායාරූප සියල්ලම සංස්කරණය කළ දර්ශණ බවයි.
කෙසේ වෙතත් හිටපු මන්ත්‍රීවරයා සිද්ධිය සම්බන්ධයෙන් වැඩි විස්තර ප්‍රකාශ කිරීමද ප්‍රතික්ෂේප කළ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම නීතිඥවරයා වෙත අවස්ථාව ලබා දුන්නා.
මෙහිදී නීතිඥවරයා කියා සිටියේ සිය සේවාදායකයා සම්බන්ධයෙන් ඊයේ (23) දිනයේ මාධ්‍ය හමුවක් තබා ආදර්ශා කරඳන අතර සමාගමක අධ්‍යක්ෂක ධුර සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී ඇති බවයි.
ඒ වෙනුවෙන් ඇය මහාචාර්යවරයාගෙන් විශාල මුදලක් ඉල්ලා ඇති බව සහ ඒ හේතුවෙන් මෙවැනි අසත්‍ය සහ පිළිකුල්සහගත තර්ජනයක් සිදුකර ඇති බව එම නීතිඥවරයා සඳහන් කළා.
කෙසේ වෙතත් හිටපු මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් විස්තරාත්මක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිබෙනවා.