25 C
Colombo
Saturday, November 2, 2024

අලුත් පත් කිරීම්වලට කලින් අහන්න – මැතිවරණ කොමිසම

- Advertisement -

රජයේ ආයතනවල තනතුරු සඳහා යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට නැවතත් දැනුම්දී ඇති බවට පුවතක් ‘ලංකාදීප’ වාර්තා කරනවා.

මැතිවරණ කාලසීමාවේදී යම් යම් පත් කිරීම් කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු කොමිසම මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැහැදිලි කිරීමක් සිදු කර ඇති අතර ඔහු පවසා ඇත්තේ  මැතිවරණ කටයුතු වලට බාධා වන ආකාරයේ පත් කිරීම් කිරීම සහ මාරු කිරීම් කිරීම නීති විරෝධී බවයි.

එසේ කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කර තිබෙනවා.

ආයතනයක සභාපතිවරයකු හෝ ප්‍රධානියකු පත් කිරීමට අවශ්‍ය නම් ඊට කිසිම බාධාවක් නැති නමුත් ඒ ගැන කොමිසමට කල් තියා දැනුම් දි අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවද ඔහු තවදුරටත් අවධාරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත්, මැතිවරණයට පොදුවේ බලපාන පත් කිරීම් සහ මාරු කිරීම් හැර වෙනත් පත් කිරීම් මාරු කිරීම් සඳහා කොමිසමේ අවසරය ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනපති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ  ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා  අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු...

රදැල්ලේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නුවරඑළිය - රදැල්ල කෙටි මාර්ගයේ වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  අනතුරින් පුද්ගලයින් 19 දෙනෙකු...

මහින්දගේ ආරක්ෂාව ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවන සියලු වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...