25 C
Colombo
Friday, December 27, 2024

චමුදිතට පහරදීම: පොලිසිය CCTV 100කට වඩා බලලා – තවමත් තොරතුරක් නෑ

- Advertisement -

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට ගල් සහ අසූචි ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණය කර ගැනීම සඳහා සී.සී.ටී.වි. කැමරා සියයකට අධික සංඛ්‍යාවක දර්ශන පරික්ෂා කළ ද වැදගත් තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වනවා.

පළාගිය රථය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා දෙහිවල සරණංකර මාවත දක්වා සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂාවට ලක්කල බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ නමුත් චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරය එල්ල වූ කාලය තුළ සංවාදයේ යෙදුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන්ද ඒ ආසන්නයේ පිහිටි දුරකථන කුළුණු හරහා විමර්ශන සිදු කෙරෙන බවයි පැවසෙන්නේ.

මේ සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ,සහ පිළියන්දල , සහ කැස්බෑව පොලිසි වල ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබෙන කණ්ඩායම් දෙකට අමතරව ගල්කිස්ස කොට්ඨාසයට අනුක්ත බුද්ධි අංශ නිලධාරීන් පනහකට ආසන්න ප්‍රමාණයක්ද යොදවා තිබෙනවා.

ඉකුත් 14 දින දින අලුයම් කාලයේ දී සුදු පාටට හුරු වෑන් රථයකින් පැමිණ තිබූ සිව්දෙනකු යුත් කල්ලියක් මෙම ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබිණ.


RECENT ARTICLES - SINHALA

සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා. දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන්...

අර්චුනා ආයෙත් වලියක් දාගෙන

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (26) කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මතභේදාත්මක බහින්බස් වීමක් සිදුවු බවට වාර්තා...

මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න විශේෂ වැඩපිළිවෙලක් – එරංග ගුණසේකර

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැනීම වෙනුවෙන් සියලු පියවර ලබන වසරේ...

POPULAR ARTICLES

Breaking: මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1932 වසරේ සැප්තැම්බර් 26 වැනිදා උපත ලැබූ ආචාර්ය මන්මෝහන් සිං මියයන විට 92 වැනි වියේ පසුවුණා  ඉන්දියාවේ...

වසර 250කට පසු අමෙරිකාව නිල වශයෙන් නම් කල ජාතික පක්ෂියා

වසර 250කට පසු අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කර තිබෙනවා. ඒ අනුව ජනපති බයිඩ්න් අමෙරිකාවේ නිල පක්ෂියා ලෙස Bald Eagle හෙවත් තට්ට රාජාලියා නම්...

සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා. දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන්...