26.6 C
Colombo
Thursday, December 12, 2024

ගැටුණොත් මහා විනාශයක් වෙන හෙට පෘථිවිය අසලින් යන ග්‍රාහකය

- Advertisement -

පෘථිවිය සමග ගැටුණොත්, පරමාණු බෝම්බ 7,500 ක් එකවර පුපුරා ගියාක් මෙන් මහා විනාශයක් සිදු කළ හැකි යෝධ ග්‍රහකයක් හෙට (19) පැයට කිලෝ මීටර් 75639 ක වේගයකින් පෘථිවිය අසලින් ගමන් කරනු ඇති බව විද්‍යාඥයින් පවසනවා.

කිලෝ මීටරයක පමණ විශ්කම්භයකින් යුතු මෙම ග්‍රහකය ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ බර්ජ් කලීෆා ට වඩා උස බවත් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල මෙන් තුන් ගුණයකින් විශාල බවත් පැවසේ.

තාරකා විද්‍යාඥයන් 7482 (1994 පී.සී.) යන නිල නාමයෙන් නම් කළ මෙම යෝධ ග්‍රහකය, සොයා ගනු ලැබ ඇත්තේ 1994 වසරේ දී ඕස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥ රොබට් මැක්නෝට් විසිනි.

ශ්‍රී ලංකාවේ වේලාවන් හෙට (19) අලුයම 3.21 ට 7482 (1994 පී.සී.) ග්‍රහකය පෘථිවිය අසලින් ගමන් කරනු ඇත. මෙම ග්‍රහකය යළි පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ තවත් වසර 200 කිනි.

RECENT ARTICLES - SINHALA

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය ගැන පැමිණිල්ලක්

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව පවසමින් ඥාතීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් මේ පැමිණිල්ලෙන් පෙන්වා...

ගෑස් එක පුපුරන් මුස්තාපා ආවේ මෙහෙම

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සන්ධාන පක්ෂ සඳහා වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එම පක්ෂ ලේකම්...

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම්දීමක්

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දෙසැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව 2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා එනම් හෙට දිනයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්...

POPULAR ARTICLES

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය ගැන පැමිණිල්ලක්

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව පවසමින් ඥාතීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් මේ පැමිණිල්ලෙන් පෙන්වා...

ගෑස් එක පුපුරන් මුස්තාපා ආවේ මෙහෙම

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සන්ධාන පක්ෂ සඳහා වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එම පක්ෂ ලේකම්...

දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක ඇමති සියදිවි නසා ගන්න හදලා

දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමේ සිදුවීමට සම්පූර්ණ වගකීම බාරගත් එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන කිම් ජොන් හියුන් ඔහු රඳවා සිටි රැඳවුම් මධ්‍යස්ථානයේදී සියදිවි නසා...