25.4 C
Colombo
Saturday, November 23, 2024

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ශ්‍රී ලංකාවට ලබා දෙන බවට පළවන වාර්තා ජපානය ප්‍රතික්ෂේප කරයි

- Advertisement -

ජපානය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 600,000 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට සලකා බලමින් සිටින බවට පළ වන වාර්තා සනාථ කිරීම ජපානය ප්‍රතික්ෂේප කළ බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් පරිදි ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත් මාත්‍ර 600,000 ක් ශ්‍රී ලංකාව සඳහා ලබා දීමට ජපානය සලකා බලමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය බදාදා ප්‍රකාශ කරන ලදී.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ජනාධිපති රාජපක්ෂ මහතා එම ඉල්ලීම ජපාන අගමැති යොෂිහිඩ් සුගා වෙත ඉදිරිපත් කර තිබූ බවයි.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා සහ ජනාධිපති රාජපක්ෂ අතර බදාදා පැවති සාකච්ඡාවකදී ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිචාරය ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබුණි.

මේ පිළිබඳව කොළඹ ජපන් තානාපති කාර්යාලයෙන් විමසීමක් කරන ඩේලි මිරර් පුවත්පත ප්‍රකාශ කරන්නේ ජපාන තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් එකඟ නොවූ බවයි.

ජපානයේ නිෂ්පාදිත එන්නත් මාත්‍රාව මිලියන 30 ක් පමණ COVAX පහසුකම යටතේ වෙනත් රටවලට සහ ප්‍රදේශවලට වෙන් කර ඇති නමුත් ශ්‍රී ලංකාව ඊට ඇතුළත් වී ඇත්දැයි ප්‍රකාශ කළ නොහැකි බව තානාපති කාර්යායාල ප්‍රකාශකයකු සඳහන් කර ඇත.

ඩේලිමිරර් පුවත්පතෙහි ඊමේල් පණිවුඩයකට පිළිතුරු දෙමින් තානාපති කාර්යාලය පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සිය මූලස්ථානය විමර්ශනයක් සිදු කරන බැවින් රජය සමඟ සන්නිවේදනය හෝ අදහස් ප්‍රකාශ කිරීම සිදු කළ නොහැකි බවයි.


RECENT ARTICLES - SINHALA

තණමල්විල සිදුවූ රිය අනතුරින් අයෙක් මරුට

තණමල්විල, උඩවලව මාර්ගයේ නයිවල ප්‍රදේශයේදී ඊයේ (22) පස්වරුවේ දී කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක, යතුරු පැදියක් ගැටී සිදු වු අනතුරින් පුද්ගලයෙක් මිය ගොස්...

IMF තුන්වන සමාලෝචනයේ නිල ප්‍රකාශය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා. තෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික...

අද කාලගුණය

අද (23) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ...

POPULAR ARTICLES