ATG සමුහ ව්‍යාපාරයේ හි තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් වූ තිස් වසරක ගමන් මඟෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමට වතුපිටිවල ATG හෑන්ඩ් කෙයාර් ආයතනයට මෙම වසරේ දී හැකි වී තිබෙනවා.
ඒ, එම ආයතනය විසින් ලොව ප්‍රමුඛ ගෝලීය තත්ත්ව සහතිකයන් වන ISO 50001:2018 තත්ත්ව සහතිකය සහ LEED v4.1 රන් සහතිකය හිමිකර ගැනීමට සමත්වීමත් සමඟයි.
අදාළ සහතික ද්විත්වය එම ආයතනයට ප්‍රදානය කිරීමේ විශේෂ සැමරුම් වැඩසටහනක් දෙසැම්බර් තුන්වන දිනට (03) යෙදී තිබුණා.
මෙම ජයග්‍රහණය හරහා එම ආයතනය විසින් බලශක්ති කළමනාකරණය සඳහා වූ විශිෂ්ටත්වය මෙන්ම පාරිසරික සුරක්ෂිතභාව සඳහා වූ කැපවීම මැනවින් සනාථ කර තිබෙනවා.
පරිසර තිරසාරත්වයට අදාළ ‘green building’ සංකල්පය යටතේ ප්‍රදානය කෙරෙන ලොව ප්‍රමුඛතම සහතිකයක් වන LEED v4.1 රන් සහතිකය, ‘පවතින ගොඩනැගිලි’ ඛාණ්ඩයට අදාළ ‘මෙහෙයුම් සහ නඩත්තු අංශය’ යටතේ එම ATG ආයතනයට පිරිනැමීම සිදුවුණා.
එක්සත් ජනපද හරිත ගොඩනැගිලි කවුන්සිලය (USGBC) විසින් නිකුත් කෙරෙන මෙම සහතිකකරණය පිරිනමනු ලබන්නේ, පාරිසරික, සමාජීය සහ පාලන (ESG) ප්‍රතිපත්තීන්වලට අනුගත වෙමින් සෞඛ්‍ය සම්පන්න, කාර්යක්ෂම සහ පිරිවැය ඵලදායි ලෙස ගොඩනැඟිලි නිර්මානිකරණය සඳහා අවශ්‍ය ක්‍ර්‍රියා පටිපාටි හඳුන්වාදීම වෙනුවෙන්.
මෙලෙස LEED සහතිකකරණය වෙනුවෙන් දියත්කළ වැඩපිළිවෙලෙ හි ප්‍රතිඵලයක් ලෙස, ATG Hand Care ආයතනයට එහි තිරසාර කාර්ය සාධන දර්ශකවල ධනාත්මක වෙනස්කම් රැසක් සිදුකිරීමට හැකි වුණා.
2023 ට සාපේක්ෂව, එම සමාගම විසින් අත්වැසුම් යුගලයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වූ මාසික විදුලි පරිභෝජනය, 5% කින් අඩු කිරීමට සමත් වුණා.
ඒ සමඟම, අත්වැසුම් යුගලයක් නිෂ්පාදනය සඳහා වූ මාසික ජල පරිභෝජනය ද 6% කින් අඩු කිරීමට ඔවුන් සමත් වුණා.
ඊට අමතරව, සෞඛ්‍ය සම්පන්න වැඩබිමක් වෙනුවෙන්, වැඩිදියුණු කරන ලද වායු පිරිපහදු පද්ධතියක් හඳුන්වාදීම හරහා නිෂ්පාදන සහ පරිපාලන අංශයන් හි අභ්‍යන්තර වාතාශ්‍රයේ ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට ද එම ආයතනය පියවර ගනු ලැබුවා.
හෑන්ඩ් කෙයාර් ආයතනයේ නිෂ්පාදන අපද්‍රයවලින් 90% ක්ම සාර්ථකව ප්‍රතිචක්‍රීකරණය කිරීමට සමත් වීම ද මෙහි දී කැපී පෙනුණු විශේෂත්වයක් වන අතර මේ සියලු ක්‍රියාමාර්ග හරහා වාර්ෂිකව සිදුවන හරිතාගාර වායු (GHG) විමෝචනය 5.5%කින් අඩු කිරීමට එම ආයතනයට හැකිව තිබෙනවා.
මේ අතර, පාරිසරය සුරකීමේ අරමුණින් සාර්ථක ලෙස බලශක්ති කළමනාකරණ පද්ධතියක් (EnMS) හඳුන්වාදීම මුලික කරගෙන ගෝලීය ප්‍රමිතිකරණයක් වූ ISO 50001:2018 තත්ත්ව සහතිකය හිමිකර ගැනීමට ද ATG හෑන්ඩ් කෙයාර් ආයතනය සමත් වී තිබෙනවා.
කාර්යක්ෂම ලෙස බලශක්ති භාවිතය, එහි පිරිවැය අඩු කිරීම, බලශක්ති කාර්ය සාධනය වර්ධනය කිරීම, ක්‍රියාත්මක කිරීම, නඩත්තු කිරීම සහ වැඩිදියුණු කිරීම ආදී ක්‍රියාපටිපාටින් රැසක් වෙනුවෙන් හෑන්ඩ්කෙයාර් ආයතනය වෙත මෙම සහතිකය පිරිනමන ලදී.
බලශක්ති භාවිතය ප්‍රශස්ත කිරීමට දරන ප්‍රයත්නයේදී, 2023 වසරට සාපේක්ෂව කාබන් වායු දහනය සැලකිය යුතු මට්ටමින් පහත හෙළීමට මෙම ආයතනය සමත් වුණා.
මෙම වසර පුරාවට, සමාගමේ නිටින් සහ කවරින් කර්මාන්තශාලා ද්විත්වයෙහිම විදුලි පරිභෝජනය 2% ක අඩුවීමක් වාර්තා කළ අතර සූර්යය බලශක්ති උත්පාදන ධාරිතාව 3% කින් වැඩි කිරීමට සමත් වී තිබෙනවා.
මේ සමඟම, විශේෂ පුහුණු සැසි හරහා ආයතනයේ සමස්ත ශ්‍රම බලකායම 100% ක බලශක්ති සංරක්ෂණ සංස්කෘතියක් කරා නැඹුරු කිරීමට ද ATG හෑන්ඩ්කෙයාර් ආයතනයට හැකියාව ලැබීම විශේෂත්යක්.
ATG හෑන්ඩ්කෙයාර් ආයතනය මෙම සුවිශේෂි සංධිස්ථාන සනිටුහන් කිරීමත් සමඟ ගෝලීය වශයෙන් වූ පාරිසරික, සමාජීය හා පාලන (ESG) මූලධර්ම සමඟ මෙන්ම, 2030 වෙනුවෙන් වූ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UNSDGs) සාක්ෂාත් කර ගැනීම සඳහා වූ මෙහෙයුම ඉදිටියට ගෙන යාමට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දී තිබෙනවා.