26.9 C
Colombo
Friday, March 14, 2025

ඊශ්‍රායලයට ඉරානයෙන් ප්‍රහාර

- Advertisement -

ඉරානය, ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල 180 ක් යොදා ගෙන ප්‍රහාරයක් ඊයේ (01) එල්ල කළා.

එවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි ඊශ්‍රායල මිසයිල ආරක්ෂක පද්ධතිය වහා ක්‍රියාත්මක වු අතර
එහෙයින් මිසයිල ප්‍රහාර වළක්වා ගැනීමට ඊශ්‍රායලය හැකිවි තිබෙනවා.

එසේ වුවත්, අනතුරු ඇඟවීමේ නළා නාද වෙද්දී ඊශ්‍රායල වැසියන් බියට පත් වී ආරක්ෂක ස්ථාන වෙත දිවගිය අයුරු දකින්න ලැබුණු බවට විදෙස් මාධය වාර්තා කරනවා.

ඉරාන මිසයිල ආරක්ෂක පද්ධතියට හසු නොවුණු මිසයිල කීපයක් ඊශ්‍රායලයට පතිත වූ නමුත් එයින් සැලකිය යුතු හානියක් සිදු නොවුණු බවයි පැවසෙන්නේ.

මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙත ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඊශ්‍රායලයේ සිටින සියලු දෙනාට නැවත දන්වන තුරු ආරක්ෂාවක් ලැබිය හැකි ස්ථානයක් ආසන්නයේ සිටින ලෙසයි.

අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළැකි තම ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය හා PIBA ආයතනය විසින් නිකුත් කර ඇති උපදෙස් නිරන්තරයෙන් පිළිපදින්න ලෙසද දැනුම් දී තිබෙනවා

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.