ගාලු මුවදොර පිටිය අසළ දින 50 කටත් අධික කාලයක් පුරාවට ක්‍රියාත්මක ගෝඨාගෝගම ස්ථානයේ ක්‍රියාකාරී පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව ප්‍රවීන රංගන ශිල්පිනී දමිතා අබේරත්න, ජනප්‍රිය රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින්, තැන්නේ ඤාණානන්ද හිමි, ටැම්පිටියේ සුගතානන්ද හිමි, සත්‍යවේල් පියතුමන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රැට්ටා නොහොත් රතිදු සේනාරත්න හා ධම්මික මුණසිංහ යන අය මෙම ලැයිස්තුවේ ඇති බව සඳහන්.
මෙම පුද්ගලයින් 8 දෙනා අතුරින් රැට්ටා නොහොත් රතිදු සේනාරත්න මේ වන විටත් කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අද (30) පස්වරුවේ අත්අඩංගුවට ගැනුනා.
ගාලුමුවදොර පිටියට අත නොතබන බවට පොරොන්දුවී වැඩභාරගත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේම ඊට සක්‍රීය දායකවන පිරිසව අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකිරීම විශේෂත්වයක්.
Related

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී 'රැට්ටා' නොහොත් රතිදු සුරම්‍ය සේනාරත්න මහතාව මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මතයි. අද (30) පස්වරුවේ රතිදු ඇතුළු පිරිසක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසියට කැඳවා තිබුණා. එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට…

ජුනි 09 සහ 10 දිනවල කොටුව සහ තලංගම ප්‍රදේශවල ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අවශ්‍යව ඇති බවට පොලීසිය නිවේදනය කළ පුද්ගලයින් කිහිප දෙනෙක් අද (22) මරදාන පොලීසියට පැමිණ භාරවුණා. ඒ අනුව රතිදු සේනාරත්න හෙවත් ‘රැට්ටා’, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු…

අද (22) පස්වරුවේ මරදාන පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් අරගලකරුවන් 07 දෙනෙක් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. පසුගිය ජුනි 9 වනදා සහ 10 වනදා කොටුව සහ තලංගම ප්‍රදේශයේදී පැවැත්වූ විරෝධතා අතරතුර ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් මෙම පුද්ගලයන්…