2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අද (05) හැකිවුණා.
ඒ, දකුණු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව අවසන් වූ පස්වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමත් සමගයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 185ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 181ක් පමණයි.
ඉන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 157කට සීමා වූ අතර, ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 162ක පහසු ඉලක්කයක් හිමිවුණා.
කෙසේ නමුත් එම ඉලක්කය කඩුලු 4ක් දැවී පහසුවෙන් හඹායෑමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.