චීනයේ ෂැන්ග්ඩොන්ග් ලෑන්ඩ්බ්‍රිජ් සමූහ ව්‍යාපාරයට ,ඩාර්වින් වරාය කළමනාකරණය කිරීම පැවරීමට අදාළ ගනුදෙනුව පිලිබද යළි සලකා බැලීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබේ.
2015 වර්ෂයේදී ඇති කරගත් ගිවිසුමක් මගින් ඩාර්වින් වරායේ කලමනාකරණය ඇමරිකානු ඩොලර් මිලියන 392 ක මුදලකට වසර 99ක කාලයක් සදහා අදාළ චීන සමාගමට පැවරීමට ඔස්ට්‍රේලියාව පියවර ගත්තේය.
කෙසේවෙතත්, මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් මතුව ඇති බවය මේ වනවිට ප්‍රකාශ වී තිබේ.
මෙම වරාය ඕස්ට්‍රේලියානු හමුදාවන්ගෙත්,ඇමරිකානු හමුදාවන්ගෙත් පුහුණුවීම්වලට අවශ්‍ය සැපයුම් සම්පාදනය කරන කේන්ද්‍රස්ථානයක් හෙයින් අදාළ පැවරීම බරපතල වැරද්දක් බවට මේ වනවිට අදහසක් මතුව තිබේ.
මේ අනුව අදාළ ගනුදෙනුව අවලංගු කිරීම සම්බන්ධයෙන් සළකා බැලීමට ඕස්ට්‍රේලියාව කටයුතු කරමින් සිටින බව එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.