රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසක තුලට ගෙන දොරවල් වසා හිරිහැර කර රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් දියණියක සහ පියෙකු සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කල බව ගලේවෙල පොලිසිය පවසනවා.
මෙම දියණිය විසින් පොලිස් සැරයන්වරයාගේ ජංගම දුරකතනයේ දත්තද මකා දමා තිබෙන බවයි සඳහන් වන්නේ.
ගලේවෙල පොලිසියට අනුබද්ධව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු ඊයේ ( 06) පස්වරුවේ වැට ඉමක ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් විභාග කිරීමට ගලේවෙල වහකෝට්ට ප්‍රදේශයට ගොස් තිබෙනවා.
එක් පාර්ශවයක් ඒ වන විටත් පොලිසියට පැමිණ තිබීම නිසා අනෙක් පාර්ශවය දැනුවත් කිරීමට මෙම පොලිස් නිලධාරියා එහි ගිය බව පොලිසිය පවසනවා.
එහිදී ආරවුලට තුඩු දී ඇති බව පැවසෙන වැට මායිම සහ වැට කණු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරියා විසින් තම ජංගම දුරකථනයෙන් එම වැටමායිම සහ සිටුවා ඇති කණු ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් ලබා ගැනීම සිදුකර තිබෙනවා
ඊට උරණ වූ පියා සහ දියණිය එක්ව පොලිස් නිලධාරියා නිවස තුළට රැගෙන ගොස් දොරවල් වසා දමා ඔහුට වදහිංසා ලබා දෙමින් පොලිස් නිලධාරියා සතු ජංගම දුරකථනයේ සියලු දත්තයන් දියණිය විසින් මකා දමා තිබෙන බව පොලිසිය පවසනවා.
ඌරන් ගොවිපලක් පවත්වාගෙන යන මෙම පුද්ගලයා තමන් සිර කරගෙන වද හිංසා දෙන බවට නිවස තුළ සිට කෑ ගැසීමත් සමඟ ප්‍රදේශවාසීන් විසින් ගලේවෙල පොලිසියට දැනුවත් කර තිබෙනවා.
පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ නිවස තුළ සිරකරගෙන සිටි පොලිස්සැරෙන්වරයා බේරාගෙන තිබු නමුත් ඒවන විටත් දියණිය සහ පියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය සඳහන් කළා.