27 C
Colombo
Monday, October 7, 2024

පොලීසියට නරක කාලයක්

- Advertisement -

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසක තුලට ගෙන දොරවල් වසා හිරිහැර කර රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් දියණියක සහ පියෙකු සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කල බව ගලේවෙල පොලිසිය පවසනවා.

මෙම දියණිය විසින් පොලිස් සැරයන්වරයාගේ ජංගම දුරකතනයේ දත්තද මකා දමා තිබෙන බවයි සඳහන් වන්නේ.

ගලේවෙල පොලිසියට අනුබද්ධව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු ඊයේ ( 06) පස්වරුවේ වැට ඉමක ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් විභාග කිරීමට ගලේවෙල වහකෝට්ට ප්‍රදේශයට ගොස් තිබෙනවා.

එක් පාර්ශවයක් ඒ වන විටත් පොලිසියට පැමිණ තිබීම නිසා අනෙක් පාර්ශවය දැනුවත් කිරීමට මෙම පොලිස් නිලධාරියා එහි ගිය බව පොලිසිය පවසනවා.

එහිදී ආරවුලට තුඩු දී ඇති බව පැවසෙන වැට මායිම සහ වැට කණු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරියා විසින් තම ජංගම දුරකථනයෙන් එම වැටමායිම සහ සිටුවා ඇති කණු ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් ලබා ගැනීම සිදුකර තිබෙනවා

ඊට උරණ වූ පියා සහ දියණිය එක්ව පොලිස් නිලධාරියා නිවස තුළට රැගෙන ගොස් දොරවල් වසා දමා ඔහුට වදහිංසා ලබා දෙමින් පොලිස් නිලධාරියා සතු ජංගම දුරකථනයේ සියලු දත්තයන් දියණිය විසින් මකා දමා තිබෙන බව පොලිසිය පවසනවා.

ඌරන් ගොවිපලක් පවත්වාගෙන යන මෙම පුද්ගලයා තමන් සිර කරගෙන වද හිංසා දෙන බවට නිවස තුළ සිට කෑ ගැසීමත් සමඟ ප්‍රදේශවාසීන් විසින් ගලේවෙල පොලිසියට දැනුවත් කර තිබෙනවා.

පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ නිවස තුළ සිරකරගෙන සිටි පොලිස්සැරෙන්වරයා බේරාගෙන තිබු නමුත් ඒවන විටත් දියණිය සහ පියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ආසියානු සංවර්ධන බැංකුවෙන් ජනපතිට පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක...

Breaking : අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වෙයි

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.කේ.විජේරත්න මහතා අද (07) පස්වරුවේ එම ධූරයෙන් ඉල්ලා අස් වෙන බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී...

ඉතිහාසයේ පළමු වරට CID මුල් පුටුවට කාන්තාවක්?

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ධුරයට කාන්තා නිලධාරිනියක් පත්කිරීමට යෝජනා වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය...

POPULAR ARTICLES

හර්ෂ ද සිල්වාට පක්ෂයෙන් සුපිරි කැපිල්ලක්

0
සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මේ වන විට පක්ෂ නායකත්වයෙන් කෙනෙහිලිකම් රැසක් සිදුවන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. මීට...

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

නව සන්ධානයේ නායකයා මෙන්න

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ වනවිට විපක්ෂයේ...