පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය පොළොන්නරුව දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි.
උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය නානුඔය දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු වැඩිදුරටත් පැවසුවා.
මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටී තිබෙනවා.
ඒ සමඟ සිදුවීමට ගිය දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වු බව හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවරයා පවසනවා.
කසළ කන්ද කඩා වැටුණු අවස්ථාවේදී දුම්රිය මාර්ග සංචාරක මුරකරු එය දැක ඒ පිළිබඳව කාර්යාලය දැනුවත් කිරීමෙන් පසු නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වු මගී ප්‍රවාහන දුම්රියක් නතර කර තිබෙනවා.
පසුව දුම්රිය මාර්ගයට වැටී තිබු කසළ කන්ද කපා ඉවත් කිරිමෙන් පසු එම දුම්රිය කොළඹ දක්වා ධාවනය කළ බව ඉංජිනේරුවරයා කියාසිටියා.